Colombo Today Local News

ලොතරැයි හබයෙන් ආණ්ඩුව දෙදරයි.. ජනපති දැඩි තීරණයක !

ලොතරැයි මිල රු. 20 දක්‌වා අඩුකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබාදුන් නියෝගය ක්‍රියාත්මක නොකළොත් අදාළ ලොතරැයි මණ්‌ඩල දෙකේ පාලනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි තීරණයක්‌ ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කිරීම මුදල් අමාත්‍යාංශය විසින් කල්මරමින් සිටින බවත්, ඒ සම්බන්ධ මතගැටුම මේ වන විට උග්‍රත අතට හැරී ඇති බවත් පැවසේ.

අග්‍රාමාත්‍යවරයා සහ මුදල් ඇමැතිවරයා රටේ නොසිටි අවස්‌ථාවක රු. 30 ට ඉහළ නංවා තිබූ ලොතරැයි මිල යළි ජනාධිපතිවරයා විසින් රු. 20 දක්‌වා අඩු කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර බරපතළ විරසකයක්‌ ඇතිවී තිබේ.

පසුගිය 24 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද මෙම කාරණය සාකච්ඡාවට බදුන් වී ඇති අතර එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, මුදල් අමාත්‍යාංශයේ හිතුවක්කාර තීරණ නිසා ඉතා අසීරුවෙන් ජීවත් වන අය පවා මේ ආණ්ඩුවට බැණ වදින තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි.

මේ අතර රවී කරුණානායක මුදල් ඇමතිධුරයෙන් ඉවත් කරන්නැයි එජාප ඇමති පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවට පසුගිය සතියේ වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රවී කරුණානායක මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීමට තමන් කිසි සේත්ම ඉඩ නොදෙන බවයි.

Related posts

දුරකථනයේ අය හදන්නේ සිරිකොත අල්ලන්න අපි අල්ලන්න හදන්නේ ආණ්ඩුවක් -අර්ජුන

colombotoday

වව්නියාව නගර සභාවේ සභාපති අත්අඩංගුවට

colombotoday

නටපු නැටිල්ලට ප්‍රකාශයක් දෙන්න චන්න සහ උපුලි බරපතල වංචා දූෂණ විමර්ශන ජනපති කොමිසමේ

colombotoday

ගෝඨාභයගේ හොරු නොපනින පොල්වත්ත හා අඩියක් දිග මිනී මෝරු

colombotoday

තවත අමනුෂ්‍යයන් පිරිසක් මඩකලපුවෙන් මතුවෙයි… කොරෝනා නිරෝධායනයට එරෙහිව පාරවල් අවහිරකර උද්ඝෝෂණය කරයි !

colombotoday

මත්තල ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු රුසියා – ඉන්දීය සමාගමකට

Admin