30 C
Colombo
16 April 2025
Colombo Today Local News

ශ්‍රී ලංකා ජාතික ගීයේ දෙමළ අනුවාදනය “ශ්‍රී ලංකා තායි“ වෙනුවට වෙනම දෙමළ ගීයක්..

ජනවාරි 8 වෙනිදා කැනඩාවේ පිහිටි දෙමළ ජනතාව බහුලව ජීවත්වන බැර්ම්ප්ටන් නගරය සහ උතුරේ වව්නියාව නගර දෙක Brampton To Vavuniya සහෝදර නගර ලෙස දියුණු කිරීමට අවශ්‍ය ආර්ථික මෙන්ම සමාජ සංස්කෘතික ගිවිසුම් කිහිපයකට එලබීමට සිදු වුනි.

ඒ සඳහා උතුරු පලාතේ මහ ඇමති සී විග්නේෂ්වරන් මහතා කැනඩාවේ බැර්ම්ප්ටන් සිටි නගර ශාලාවේ උත්සවයක් පවත් වන ලදි.

මෙම අවස්ථාවේදි උතුරු පලාතේ මහ ඇමති සී විග්නේෂ්වරන් මහතා කැනඩාවේ බැර්ම්ප්ටන් සිටි වෙසෙන දෙමළ ජනතාව ඇතුළු එම නගරයේ ප්‍රධානින් මෙන්ම කැනඩා රජයේ පාර්ලිමේන්තුව මන්ත්‍රීන් මෙන්ම පිරිසක් ගේ සහභාගිත්වටෙන් සමුළුවක් බැර්ම්ප්ටන් සිටි නගර ශාලාවේදි පැවැත්වූනි.

එම සමුළුව ආරම්භයේදි බැර්ම්ප්ටන් සිටි නගරයේ වෙසෙන දෙමළ දරුවන් විසින් ඉතා අපුරුවට කැනේඩියානු ජාතික ගීය ගැයු අතර ඊට පසු ශ්‍රීලංකාවේ ජාතික ගීයේ දෙමළ අනුවාදනය වන ” ශ්‍රීලංකා තායි ” කියා කියනු වෙනුවට දෙමළ අභි නන්දන ගීතයක් ගයා එයට ගරු කොට සමුළුවේ වැඩ ආරම්භ කරන ලදි.

මෙහිදී පුදුමයකට කරුණ වන්නේ උතුරේ මහ ඇමති ඇතුළු ද්‍රවිඩ නායකයින් සහභාගි වූ කොළඹ ගාලු මුවදොර පැවති පසුගිය නිදහස් උත්සවයේදි ප්‍රථම වරට අපේ ජාතික ගීය දෙමළ බසින් ද ගැයිමෙන් සියලු ජනකොටස් සඳහා සාධාරණ ඉටුවන බව සිංහල නායකත්වය කතා කරන විට අවම වශයෙන් ශ්‍රීලංකාවේ පිහිටි ප්‍රධාන නගරයක් වන වව්නියාව නගරය කැනඩාවේ පිහිටි බැරෑම්ප්ටන් සිටි Brampton City නගරය සමඟ නගර දෙක ඒකාබද්ධ කොට දියුණු කිරීමට අවශ්‍ය ආර්ථික වැනි වැදගත් ගිවිසුමක් අත්සන් කිරීමට පැවති සමුළුවක දී , එම වව්නියා නගරය පිහිටි ශ්‍රීලංකාවේ ජාතික ගීය මොනම භාෂාවකින් හෝ නොගයා ඒ වෙනුවෙන් වෙනත් දෙමළ ජාතී අභිමානි ගීතයක් ගයා රටවල් දෙකේ ජාතික ගීයන්ට ගරු කොට සම කිරීම සංහිඳියාව අගයන නායකත්වය පිලිගන්නේ ද යන්නයි.

එමෙන්ම ශ්‍රීලංකාවේ බේදයකින් තොරව සිංහල ප්‍රදේශවල පවා දෙමළ භාෂාවෙන් බෝඩ් ලැලි දමන්නට නියෝග දෙන මනෝ ගනේෂන් ඇමතිවරයාගේ ජාතික ප්‍රතිපත්තිවලට කොතරම් මෙම ක්‍රියාව අගේ ද යන්න සෝයා බැලිම වටි.

Lankacnews

Related posts

පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම රකින්නට භික්ෂු විරෝධයක්

colombotoday

කුරුණෑගල පල්ලිය ළග ගල්වළේ කඩු මන්නා පිහි තොගයක්

colombotoday

මහේල ජයවර්ධන සුද්දන්ට වැඩ කිරීම ගැන කණගාටුයි.. තිලංගගෙන් දොස්මුරයක්

colombotoday

මැතිවරණය දූෂිතයි! ආණ්ඩුව ඒකාධිපති වියරුවකින්?

Admin

ගොරකා දඩමස් කිරීමේ න්‍යායෙන් ඉවත් වන්න. දෙබිඩි වැඩ කරන්න එපා. – උලමට බොදු බලෙන් රෙදි ගැලවෙන පිළිතුරක්.

colombotoday

මාගේ මේ ව්‍යායාමය මුදල් වෙනුවෙන් නොව, රනිල් වික්‍රමසිංහ නම් අසහාය නායකයාගේ නායකත්වය වෙනුවෙනි – දඹර හිමි

colombotoday