ජාතික ආණ්ඩුවේ දීගය ඉදිරි පළාත් පාලන මැතිවරණය තෙක් පැවතීම අවිනිශ්චිත බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මහතා පවසයි.
හෝමාගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ගැන මම කියන දෙයක් තමයි දෙගොල්ලන්ගේ හඳහන් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඕක දිගට කන්න පුළුවන් දීගයක් නෙමෙයි. කවුරු හරි හිතනවනම් එක්සත් ජාතික පක්ෂයටයි , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි දීර්ඝ කාලයක් දීග කන්න පුළුවන් කියලා, ඒක වෙන දෙයක් නෙමෙයි. මම හිතන්නෙ නැහැ පළාත් පාලන
මැතිවරණය තරම්වත් දීගයක් කන්න පුළුවන් කම ලැබෙයි කියලා”.