Colombo Today Local News

ඥාණසාර හිමි සිංහලේට ආයුබෝවන් කියන්න සැරසෙයි !

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජාතික ව්‍යාපාරයෙන් සමුගැනීමට සූදානම් වන බව උන්වහන්සේට සමීප ආරංචි මාර්ග පවසයි.

මේ වන විට ජපානයේ සම්බෝධි විහාරයේ වැඩ සිටින උන්වහන්සේ සියරට පැමිණීමෙන් අනතුරුව ලබන 7වනදා නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වෙන බොදු සමුළුවට සහභාගී වීමට නියමිතය. එහිදී උන්වහන්සේගේ සමුගැනීම ප්‍රකාශයට පත්කරනු ඇති බවත් ඉන් අනතුරුව ඉන්දියාවේ බරනැස් විහාරය වෙත පිටත්ව යනු ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

දශක දෙකකට වැඩි කාලයක් පුරා සිංහල බෞද්ධ ජාතිකවාදි ව්‍යාපාරවල පෙරටුගාමී චරිතයක්ව කටයුතු කළ ඥාණසාර හිමියන් සිංහල බෞද්ධ ජනතාව මුහුණ දී සිටින අර්බුද සම්බන්ධයෙන් මෑතකාලීනව බොදු බල සේනා සංවිධානය හරහා සිදුකළ මැදිහත්වීම දැඩි ආන්දෝලනයකට ලක්විය. ඒ හේතුවෙන්ම මෙරට මෙන්ම විදේශීය ඉස්ලාමීය අන්තවාදීන්ගේ සහ ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගේ දැඩි වෛරයට පාත්‍රවීමට උන්වහන්සේට සිදුවිය.

කෙසේ වෙතත් පක්ෂ, විපක්ෂ දේශපාලකයන් හා විවිධ පාර්ශව දිගින් දිගටම එල්ල කරමින් පවතින චෝදනා, අවලාද පිළිබදව උන්වහන්සේ දැඩිලෙස කළකිරීමට පත්ව සිටින බවත්, එම නිසා මෙරට ජාතික ශාසනික සේවාවෙන් ඉවත්වීමට තීරණය කළ බවත් උන්වහන්සේට සමීප ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

colombotoday

මහමග කොවිඩ් මරණ සිදුවන බවට අසත්‍ය ප්‍රචාරය සිදු කළ තවත් අයෙක් අත්අඩංගුවට

colombotoday

ඉස්ලාමිය අන්තවාදය නැති කරන්න සහාය වන්නැයි ජනපති පාකිස්ථාන රජයෙන් ඉල්ලයි

colombotoday

ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල අහස උසට නගී

Admin

දිස්ත්‍රික්ක කිහිපයක ජන්ද පත්‍රිකා මුද්‍රණය නවතී

colombotoday

‘අපි එකග නෑ.. නාහිමිවරුන්ගේ ප්‍රකාශය යළි සළකා බැලිය යුතුයි‘ – දෙමළ සන්ධානය

colombotoday