තරුණ වියේ දී ජීවිතයේ සුන්දරත්වය භුක්ති විඳින්නට අවස්ථාවක් නොලැබුණ හොත් එය අවාසනාවකි. නව යොවුන් විය උදාවෙත් ම සමාජය, පරිසරය, සුන්දරත්වය සුනු විසුනු කිරීමට මාන බලන අය සිටිති. තරුණ ජීවිතය උදාවෙත් ම ජීවන මඟ, සමාජය හා පරිසරය විසින් විනාශ කෙරෙන අවස්ථා ද උදාවන්නේය. විනාශය කරා යොමු වෙමින් සිටි තරුණයෙක් ස්වඋත්සාහයෙන් යහ මඟට යොමුවෙමින් රටට ගමට වැඩදායක නායකයකු බවට පත්ව සිටී. ගාල්ල කරන්දෙණිය කිරිපේද්ද ගමෙහි ජීවත් වන ඔහු විසි අට හැවිරිදී කේ. ඩි. ප්‍රදීප් ප්‍රියංකරය. ඔහු අපේ කතානායකයායි. ඔහුගේ කතාව මෙසේ ඔබ වෙත ගෙන එන්නේ එය තවත් තරුණ පිරිසකට පාඩමක් නිසාය.
පාසල් වියේ දි ඉගෙනීමට දක්ෂ සහ දඩබ්බර ජීවිතයක් ගත කළ ප්‍රියංකර උසස්පෙළ විභාගයත් සමග ඇතිකරගත් ප්‍රේම සම්බන්ධතාව දළුලා ලියලා ගියේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පෙම්වතිය රුහුණට ගිය අතර කොළඹට පැමිණ උසස් අධ්‍යාපනයක නිරත වීමට ප්‍රියංකරට සිදුවිය. උසස් අධ්‍යාපනය දෙදෙනාගේ ප්‍රේමයට කණකොකා හැඬවූයේ දෙපාර්ශ්වයේ වැඩිහිටි අකැමැත්ත ප්‍රකාශයට පත් වීමත් සමගය. පෙම්වතිය ඒක පාර්ශ්වීකව වෙන් වූයේ සියලු බලාපොරොත්තු විනාශ කරමින්ය.බිඳුණු ප්‍රේමය නැවත ගොඩනඟා ගැනීමට කිහිපවතාවක් ම උත්සාහ ගත්තත් එය ගඟට කැපූ ඉනි මෙන් අපතේ ගියේය.
තව දුරටත් උසස් අධ්‍යාපනයෙහි නිරත වීමෙන් පලක් නැති බව සිතූ ප්‍රියංකර හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවයට ගියේය. එම හෝටලය ඔහුගේ හිතවතෙකුට අයිති විය. මේ වනවිට ප්‍රියංකරගේ හිත ඇදී ගොස් තිබුණේ වේගයෙන් මුදල් ඉපැයීම කෙරෙහිය. ඔහු රැකියාව කරන අතර ම තවත් ව්‍යාපාරවල නිරත විය. පළමුව කළේ කොමිස් මත බ්‍රෝකර් වැඩය. මැණිත් වෙෙළඳාම ඉන් එකකි. විදේශිකයන් වෙත මැණික් විකීණිම සදහා රැගෙන යන ව්‍යාපාරික ස්ථාන වෙතින් සියයට තිහ හතළිහ ප්‍රමාණයේ කොමිස් මුදලක් ලබා ගැනීමට ඔහුට හැකි විය. මැණික් වෙෙළදාම සහ මිලදී ගැනීමට පැමිණෙන විදේශිකයන් සමග රත්නපුර මැණික් ව්‍යාපාරික මිතුරෙකු හමුවීම ඔහුගේ සිරිත විය. එයින් ව්‍යාපාරය සාර්ථක විය. ඔහු මිතුරාගේ යෝජනාවක් මත මොරටුව විශ්ව විද්‍යාලයේ මැණික් සම්බන්ධ පාඨමාලාවක් හැදෑරුවේ ආදායම් තත්ත්වය ඉහළ ගිය නිසාය.
හිතවත් වූ විදේශිකයන් හරහා කලවාන, රත්නපුර, නිවිතිගල, කහවත්ත ප්‍රදේශවලත් මැණික් වෙළෙඳාම කරගෙන යෑමට ප්‍රියංකර සමත් විය. ඔහුගේ ඊළඟ පියවර වූයේ මැණික් මිලදීගෙන කපා ඔපමට්ටම් කර මැදපෙරදිග රටවල් වෙත යෑමය. පෞද්ගලික බැංකුවකින් නිකුත් කළ මිලියන සියය ඉක්මවූ ප්ලැට්නම් කාඩ් පතක් ලබා ගැනීමට තරම් ප්‍රියංකරගේ මැණික් ව්‍යාපාරය දියුණු විය. රත්නපුර ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් ඔහු වෙත මහත් විශ්වාසයක් තබා ගනුදෙනු කිරීමට ඉදිරිපත් වූහ.
ප්‍රියංකරට ආහාර පාන සහ ඇඳුමෙන් කැඩුමෙන් කිසිදු අඩුපාඩුවක් නොවීය. ඉතා හොඳ පෝෂණ තත්ත්වයෙන් පසු වීමත් සමාජය සහ පරිසරය පිළිබද දැනුම්වත් වීමත් ආර්ථිකය ගොඩනගා ගැනීමට ඉවහල් විය. පවුලේ උදවිය වෙනුවෙන් ඉඩමක් නිෙවසක් මිලදී ගැනීමට තරම් වූ මුදලක් ලැබූ ඔහු තම යුතුකම් නිසි අයුරින් ඉටු කළේය. තම එක ම සහෝදරයාගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කළේය. විදේශිය සංචාරකයින්ගෙන් පිරී ඉතිරිගිය සංචාරක පුරවරයක් වන හික්කඩුවෙන් ඔහුට තවත් දායාදයක් ලැබිණි. ඒ දුම්වැටියට හා මත්වතුරට හුරුවීමය. නිදහසේ විනෝද වීමට පැමිණෙන විදේශිකයන් හරහා අන්තරායකර ඖෂධ වෙත එළැඹීමට ද ඔහුට සිදු විය. මෙසේ මහත් තෘප්තියෙන් කාලය ගෙවී ගියේය.
වරින් වර ගම වෙත යන ඔහුට සිය පෙම්වතිය ගැන මතක් වන්නට පටන් ගත්තේය. අම්බලංගොඩ නවතැන්ගෙන සිටි ප්‍රියංකර නැවත නැවත මත් රකුසා වෙත බිලි වන්නට වූයේ ප්‍රථම ප්‍රේමයේ වේදනාවත් සමඟය. මේ වන විට ඉපැයීම් නැවතිලාය. සෙල්ලක්කාර ජීවිතය නිසා ඔහු සෑහෙන තරමට හෙම්බත් වී සිටියේය. ප්‍රියංකර අවසානයේ සිය ගම වෙත යෑමට තීරණය කළේය. ප්‍රදේශයේ දෛනික ජීවිතය සදහා බොහෝදෙනාගේ ප්‍රධාන රැකියා මග වන කුරුදු තැළිමට ප්‍රියංකර තීරණය කළේය. පංගුවට කුරුදු අක්කරයක් තැළිමට මාසයක් පමණ කාලයක් ගතවන්නේ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකටය. උදේ රැයින් කුරුදු කැපීමට යා යුතුය. කපාගන්නා ලද කුරුදු කෝටු සවස හඳ පායන්න කලින් තළා අවසන් කළ යුතුවේ. ඉතිරිකිරීමට නොහැකිය එක් අයෙකුට කුරුදු කිලෝ දෙකක්-දෙකහමාරක් පමණ තැළිය හැකිය. තළා අවසන් කෙරෙන තුරු දෛනික වියදම් සඳහා අයිතිකරුගෙන් මුදලක් ලැබෙන අතර දින පහළවකින් පසු අස්වැන්න විකිණීමෙන් අනතුරුව ආදායමෙන් තුනෙන් එකක් සමඟ සියයට පහක් හෝ දහයක කොමිස් මුදලක්ද ලැබෙන්නේය. සිය දෙමාපියෝත් කුරුදු ගහෙන් ජීවිතය ගොඩදාගත් අය නිසා කුරුදු තැළිම ඔහුට එතරම් අභියෝගයක් නොවීය.
ආර්ථික ශක්තිය හීන වූ ගැමියන් වෙනුවෙන් පෝෂ්‍යදායි ආහාර වේලක් සඳහා මිරිදිය මත්ස්‍ය ව්‍යාපෘතියක් ද පටන්ගෙන ඇත. වැව තවදුරටත් විනාශ වීමට ඉඩක් නැත, වැව වටේ ශාරිරික සුවතා මං තීරුවක් ඉදිවී තිබේ. වැව් තාවල්ලේ පලතුරු සහ කුඹුක් ගස් පන්සීයයක් සහිත රුක් රෝපණ වැඩ සටහනක් ක්‍රියාත්මකය. ළඟදීම ගමෙන් ඈත් වූ පක්ෂින් දඬු ලේනුන් ඇතුළු සත්ත්ව ප්‍රජාව වැව් බැම්මේ ගස්වැල් කරා පැමිණෙනු ඇත. ඉදිරිපත් කෙරුණු ව්‍යාපෘති එක්දාස් පන්සීයය අතරින් මේ වැව් ව්‍යාපෘතිය ප්‍රථම ස්ථානයට පත් වුවහොත් විජය යෞවන සමාජයට ත්‍යාග වශයෙන් මුදලින් රුපියල් කෝටියකි!
තවම ඔහුගේ සෞඛ්‍යය පිරිහී නැත. එබැවින් ඔහු ගමට ගොස් දෙබිඩි ජිවිතයක් ගත කළේය. මේ කාලයේ දී ගමේ තරුණයන් කැටුව ක්‍රීඩා සංගම් පවත්වා එහි නායකත්වයට පැමිණියේය. ගමින් ගම ගොස් ක්‍රීඩා තරග සඳහා ගමේ තරුණ සාමාජිකයන් මෙහෙයවූයේ ද ප්‍රියංකරය. ජාතික තරුණ සේවා සභාවේ යෞවන සමාජයක් ගමේ තිබුණු නිසා ඔහු ඒ අය සමග එකතු වූහ. එහි සභාපතිත්වය දරන්නේ යසස් තිරිමාන්න හේවගේ මල්ලීය. ප්‍රියංකර ඔහුට කියා සිටියේ ගමේ දියුණුවට ඕනෑම වැඩක් අපි කරමු යන්න ය. යෞවන සමාජය වෙනුවෙන් කළ හැකි උපරිමය කිරීමට ප්‍රියංකර භාර ගත්තේ ය. සතියකට වරක් දෙවරක් ගමෙන් පිටවී හික්කඩුවේ පැරණි මිතුරන් සමඟ මත් වතුර දුම් වැටි සහ අසම්මත ඖෂධ භාවිතයෙන් ලැබෙන තෘප්තිය කුමක් ද? කුරුදු තළා දුක් විඳිමින් හම්බ කරන මුදල් අයාලේ වියදම් වෙන එක ගැන ඔහු කල්පනා කළේය. මතින් මිදීම සඳහා ප්‍රියංකර උත්සාහයක් ගත්තේ තම මිතුරෙකු වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකුගේ මාර්ගයෙන්ය. හුන්නස්ගිරිය ප්‍රදේශයේ සති කිහිපයක් ගත කළ ප්‍රියංකර වෙත ලබා දුන් ගුරුහරුකම් මඟින් සම්පූර්ණයෙන්ම පුනරුත්ථාපනය වීමට ඔහු සමත් විය. කෙල්ලක නිසා ජීවිතය නොමඟ ගිය දුරට තිත තැබීමට ප්‍රියංකර දැඩිව අධිෂ්ඨාන කර ගත්තේ ය.
Youth with talent ව්‍යාපෘතිය සමඟ තරුණ හැකියාවන් මඟින් ගමට වැඩක් සඳහා යෞවන සමාජ 1500 වෙත පැවැත්වෙන තරඟ සඳහා අයදුම්පතක් යොමු කිරීමට කිරිපේද්ද ශ්‍රී විජය යෞවන සමාජයත් උත්සාහයක් ගත්තේය. කිරිපේද්ද තරුණයන් තම තරගය සඳහා ඉදිරිපත් කළේ අභාවයට ගිය තම ගමේ වැව ප්‍රතිසංස්කරණය කිරීමය. පුරා අක්කර හතකට වැඩි ප්‍රමාණයක් වෙළා තිබූ වැව අක්කර දෙකක වපසරියක් දක්වා අඩු වී තිබිණි. අපද්‍රව්‍ය මෙන්ම වැසිකිළි බැහැර කරන තැනක් බවටද වැව පත්වී තිබිණි. කරන්දෙණිය තරුණ නිලධාරි ගාමිණි එදිරිසිංහ මහතා මඟින් ගම ගොඩ නැගීමේ යූත් රියැලිටි තරගයට ඉදිරිපත් වීමට විජය යෞවන සමාජයට අවස්ථාව උදා විය. මූලික වියදම් සඳහා රුපියල් පනස්දාහක මුදල් තරුණ සේවා සභාවෙන් කිරිපේද්ද විජය යෞවන සමාජයට ලබුණේ දිවයින පුරා අනෙකුත් යෞවන සමාජ වෙත මුදල් පිරිනැමූ දිනයේ දීය.
ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම් සහ ගමේ පන්සලේ නායක හිමියෝ වැවේ සංවර්ධනයට ආශිර්වාද කළෝය. ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මැදිහත් වීමෙන් වැවේ මිනුම් කටයුතු කර අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට සහාය වූයේය. විරුද්ධවාදීහු පෙත්සම් ගැසූහ. තවත් සමහරු ප්‍රියංකරගේ නිෙවසට ගිනි තෑබූහ. රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් වැව ප්‍රතිසංස්කරණය සඳහා වැය වී ඇත. ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව මේ සඳහා අනුග්‍රහය දක්වා ඇත. ප්‍රියංකර සහ යසස් දෙදෙනා ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅංගේ මහතා වෙත ස්තූතිවන්ත වන්නේ තරුණ සේවා සභාව නිසා තරුණයන් යහමඟට ගැනීමටත් ගමේ නායකත්වය ඔවුන් වෙත බාර දීමටත් හැකි වන නිසාය. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ ප්‍රියංකර වැනි තරුණයන් යහපත් පුරවැසියන් ලෙස සමාජ වගකීම් භාර ගැනීමට ඉදිරිපත් වීමය.
යෞවන සමාජ නියෝජනය කරමින් යෞවන යෞවනියන් ලක්ෂ තුනහමාරකට ආසන්න පිරිසක් දිවයිනේ වෙති. රටේ අනාගතය තරුණ පරපුර බුද්ධිමත් පිරිසක් ලෙස ජනතා සේවයට යොමු කිරීමේ අරමුණ මෙන් ම යහපත් පුරවැසියන් ලෙස සමාජය ඉහළ නැංවීමේ ඉලක්කය ද ජාතික තරුණ සේවා සභාවේ පරමාර්ථයයි. මේ අනුව ජාතික තරුණ සේවා සභාව වරින්වර විවිධ ව්‍යාපෘති මගින් තරුණ පරපුර වෙත කුසලතා පූර්ණ වැඩසටහන් මෙහෙයවයි. තරුණ පරපුරේ හැකියාවන් එහි එක් අංගයකි.
මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය කිරිපේද්ද ගමේ ප්‍රතිසංස්කරණය කෙරුණ වැව වෙනත් ව්‍යාපෘතිවලට දෙවැනි නැත. පුරා අක්කර හතක වපසරිය දැන් එහි ඇත. කුඹුරු අක්කර විසි තිස් ගණනක් අස්වැද්දිමට හැකි ය. ආර්ථික ශක්තිය හීන වූ ගැමියන් වෙනුවෙන් පෝෂ්‍යදායි ආහාර වේලක් සඳහා මිරිදිය මත්ස්‍ය ව්‍යාපෘතියක් ද පටන්ගෙන ඇත. වැව තවදුරටත් විනාශ වීමට ඉඩක් නැත, වැව වටේ ශාරිරික සුවතා මං තීරුවක් ඉදිවී තිබේ. වැව් තාවල්ලේ පළතුරු සහ කුඹුක් ගස් පන්සීයයක් සහිත රුක් රෝපණ වැඩ සටහනක් ක්‍රියාත්මකය. ළඟදීම ගමෙන් ඈත් වූ පක්ෂින් දඬු ලේනුන් ඇතුළු සත්ව ප්‍රජාව වැව් බැම්මේ ගස්වැල් කරා පැමිණෙනු ඇත. ඉදිරිපත් කෙරුණු ව්‍යාපෘති එක්දාස් පන්සීයය අතරින් මේ වැව් ව්‍යාපෘතිය ප්‍රථම ස්ථානයට පත් වුවහොත් විජය යෞවන සමාජයට ත්‍යාග වශයෙන් මුදලින් රුපියල් කෝටියකි!
විශේෂ ස්තූතිය – මහරගම තරුණ සේවා සභාවේ මාධ්‍ය නිලධාරි අනිල් සිරිවර්ධන මහතා ඇතුළු මාධ්‍ය අංශයට.
අනිල් ලසත් පෙරේරා
පන්නිපිටිය විශේෂ
සිළුමිණ