World

පුද්ගලයන් 91ක් සමගින් රුසියානු ගුවන් යානයක් අතුරුදන්

සෝචි ගුවන් තොටුපොළින් ගුවන්ගත කළ පුද්ගලයින් 91 දෙනෙකු රැගත් රුසියානු ගුවන් යානයක් විනාඩි කිහිපයකට පසු අතුරුදන් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, Tu-154 රුසියානු ගුවන් හමුදාවට අයත් යානයක් එලෙස අතුරුදන් වී ඇති බව ය.

රුසියානු ආරක්ෂක බලධාරීන් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ, යානය අතුරුදන් වන අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 83 දෙනෙකු එහි සිට ඇති බව ය.

යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහී ගොස් ඇත්තේ, එය කළු මුහුදට ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී ය.

එරට වේලාවෙන් උදෑසන 5:40ට යානය ගුවන්ගත කර ඇති අතර අතුරුදන් යානය සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මේ අතර නිල නොවන වාර්තාවල දැක්වෙන්නේ අතුරුදන් වූ යානය සිරියාවේ යටකියා ප්‍රදේශය බලා පියාසර කරමින් සිට ඇති බව ය.

 

Related posts

චීනයේ වසාදැමුණු සිනමා ශාලා යළි විවෘත කිරීමේ සූදානමක

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 34 ඉක්මවයි

colombotoday

ඊශ්‍රායල – හමාස් භාරයේ සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස

Admin

මම අද රෑ ප්‍රකාශයක් කරනවා. ලොකු ජයග්‍රහණයක්! | ඩොනල්ඩ් ට්‍රුම්ප්ගෙන් ට්විටර් සටහනක්

colombotoday

චීනය අගහරු මතට ගොඩ බසියි.

colombotoday

ගෝලීය covid-19 ආසාදිතයන් ගණන පනස් පන්ලක්ෂ අසූ අටදහස ඉක්මයි

colombotoday