Colombo Today Local News

උතුරු සභාවේ ගෝරි.. ශිවාජිලිංගම් යකා නටයි.. මහඇමතිගේ මූණටම බැණවදී

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ වැය ශීර්ෂය සම්මත කරගැනීමට ගිය අවස්ථාවේදී ඊයේ (21 දා) සවස පළාත් සභා ගර්භය තුළ විශාල ගාලගෝට්ටියක් ඇති වී තිබේ.

මේ ගාලගෝට්ටිය ඇතිවීමට හේතුව වූයේ ප්‍රධාන අමාත්‍යවරයා මුලදී එක් මන්ත්‍රීවරයෙකු වෙණුවෙන් සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන දහයක් ලබාදෙන බවට පොරොන්දු වුවත් ඔහු එය අවසානයේදී මිලියන හයකට අඩු කිරීම නිසා බව උතුරු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරණ වන්නිහාමිගේ ජයතිලක මන්ත්‍රීවරයා පැවසීය.

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරණ මන්ත්‍රීවරුන් කීපදෙනෙකුද ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව අදහස් දක්වමින් ඔහුට සභාව තුළදීම බැණ වැදී ඇත.

ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉතා සමීපතම මන්ත්‍රීවරයෙකුවන එම්.කේ.ශිවාජිලිංගම් මන්ත්‍රීවරයාද ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව සභාව තුළ කෑකෝ ගසමින් මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන දහයම පොරොන්දු වූ පරිදි අවශ්‍ය බව පවසා ඇත.

යම් හෙයකින් රුපියල් මිලියන 9.99 ක් ලබා දුන්නද එය බාරනොගන්නා බවත් ඊට එරෙහිව පළාත් සභා ගර්භය තුළ උපවාස කරණ බවද මන්ත්‍රීවරයා පවසා තිබේ.

මේ අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සභා අරමුදලෙන් තවත් මිලියන දෙකක් ලබාදීමට කැමැත්ත පල කරණ ලද නමුත් මන්ත්‍රීවරු ඊට එකග වී නොමැත.

ප්‍රධාන අමාත්‍යවරයාගේ වැය ශීර්ෂය සම්මත වුවත් ජයතිලක මන්ත්‍රීවරයා ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කොට තිබේ.

දිනසේන රතුගමගේ

Related posts

හෙරොයින් කිලෝ 15කට අධික ප්‍රමාණයක් සමඟ මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට

colombotoday

හොර මරණ සහතිකයක් සාදා මුස්ලිම් ජාතිකයෙකු භූමිදානය කරලා. නිවැසියන්ට එරෙහිව නීතිමය පියවර.

colombotoday

බස් රථ තුළ වෙළෙඳාම් කිරීම තහනම් !

colombotoday

කොමදෝරු දසනායක ඇතුළු හතක් යළි රිමාන්ඩ්

colombotoday

මාස 06ක් ඇතුලත ආණ්ඩුව පෙරලා දමනවා ආණ්ඩුවට එක්වීමට හිතන්නවත් එපා.. අපි යලි ආණ්ඩු කරනවා

colombotoday

තුන්වන වරටත් සංශෝධනය වූ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු

colombotoday