World

දෙවියන් ශ්‍රේෂ්ඨයි කියමින් තුර්කියේ රුසියානු තානාපතිට වෙඩි තබා ඝාතනය කළහැටි මෙන්න

තුර්කියේ රුසියානු තානාපති ඇන්ඩ්‍රෙයි කාලොව් එරට පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබිණ.

කලාගාරයක් තුළ පැවති ඡායාරූප ප්‍රදර්ශනයකට සහභභාගී වී සිටි තානාපතිවරයා පැමිණ සිටි පිරිස අමතා දේශනයක් පවත්වමින් සිටියදී මෙලෙස වෙඩි තබා ඝාතනය කරන අයුරු දැක්වෙන දර්ශන විදෙස් මාධ්‍ය පළ කර තිබේ.

දර්ශනවලට අනුව සැකකාර පොලිස් නිලධාරියා හොඳින් හැඳපැළඳ සිටින අතර වෙඩි තැබීමෙන් පසු පිස්තෝලය ද අතැතිව ප්‍රකෝප ලෙස අදහස් පළ කරනු දැක ගතහැකි ය.

ඝාතනයට සම්බන්ධ නිලධාරියා ඇන්කරාහි කැරළි මර්දන පොලිසියේ 22 හැවිරිදි මෙව්ලට් මර්ට් අයිඩින් ලෙස හඳුනා ගෙන තිබේ.

කෙසේ වෙතත් මොහු කිසියම් ත්‍රස්ත සංවිධානයකට සම්බනධයක් ඇත් ද යන්න සම්බන්ධයෙන් කරුණු හෙළි වී නොමැත.

තානාපතිවරයාගේ ඝාතනය සිදුව ඇත්තේ, සිරියාවේ ඇලැප්පෝ නුවර ප්‍රහාර සඳහා රුසියාවේ මැදිහත්වීම සහ රුසියාව සිරියානු ආණ්ඩුවට සහය දැක්වීමට එරෙහිව පැවති උද්ඝෝෂණයෙන් දිනකට පසුව ය.

Related posts

ගුවන් යානයක් කඩා වැටී සති දෙකකට පසු දිවි රැකගත් දරුවන්

Admin

ජර්මනිය ඉස්ලාම් විරෝධයෙන් ඇවිලෙයි – ව්‍යාපාරික ස්ථානවලටත් පහර දෙයි

colombotoday

හයවන මොහොමඩ් රජු විවේචනය කළ මොරොක්කෝ ජාතිකයෙකු සිරගෙට

Admin

රජයේ අරමුදල් ගිණුමට ආවේ කොහොමද? හිටපු අගමැති ‘දන්නේ නෑ’ කියයි

colombotoday

ඉම්රාන් ඛාන්ට වසර පහක් රජයේ නිලතල දැරීම තහනම්

Admin

නේපාලයේ ප්‍රභල භූ කම්පන මාලාවක්… නවදිල්ලියත් සෙලවෙයි

Admin