මහා පරිමාණ සහල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයෙකුගේ මෙහෙයවීම මත සහල් මෙට්‍රික් ටොන් දස දහසක් ආනයනය කිරීමේ රහස් සැලසුමක් ඇතැයි වාර්තා වනවා.
මේ වන විටත් වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල වී මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් තිබියදීයි මෙම සහල් තොගය ගෙන්වීමට සූදානම් වන්නේ.
වී අලෙවි මණ්ඩලයේ වී තොග සත්ව ආහාරයට ලබා දී අදාළ සහල් තොගය ගෙන්වීමට සැලැසුම්කර ඇති බවද පැවසේ.
මීට පෙරද වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල තිබූ වී තොග පරණ වී යැයි පවසමින් ඒවා සත්ව ආහාරයට ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර තිබිණි.