Colombo Today Local News

කුරාණය ප්‍රශ්න කරන්න ආවොත් ඊළගට කරන දේ මන්ත්‍රී මුජිබර් කියයි (Video)

mujibar-121

මෙරට ආගමික සංහිදියාවට සහ සමාජ ඒකාබද්ධතාවයට හානි කරන ‘කුරානයේ‘ සදහන් අන්තවාදී ඉගැන්වීම් කිහිපයක් උපුටා දක්වමින්, එම ඉගැන්වීම් අනුමතකරනවාදැයි විමසා උලමා සභාව වෙත යොමු කළ ලිපියට මේ දක්වා පිළිතුරු ලැබී නොමැති බව බොදු බල සේනා සංවිධානය පවසනවා.

එහි ප්‍රකාශකයෙක් අප සමග සදහන් කළේ තමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරක් ලබාදීමට අපොහොසත් වී ඇති උලමා සභාව ‘ඉස්ලාම් ආගමට අපහාස කළා‘ යැයි කියමින් තම අනුගාමිකයන් උසිගන්වා විරෝධතා පවත්වන බවයි. ජාතික සංහිදියාවට බරපතල ලෙස හානි කරමින් මුස්ලිම් සමාජය තුළ හිස ඔසවන අන්තවාදයට කුරාණයේ ඉගැන්වීම සෘජුවම බලපා ඇති බවත්, ඒ පිළිබද විද්වත් කතිකාවකට උලමා සභවාට තම සංවිධානය ඇරයුම් කළ බවත් එම ප්‍රකාශකයා පැවසීය.

මේ අතර ඉස්ලාම් සංවිධාන සහ මුස්ලිම් දේශපාලකයන් කිහිප දෙනෙක් “සියළු ආගම්වලට කරුකරමු“ යැයි සදහන් පුවරු රැගෙන ඊයේ කොළඹදී විරෝධතාවක් පැවැත්වූ අතර කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් පැවසුවේ කුරාණය ගැන ප්‍රශ්න කරමින් අපහාස කළොත් ඉදිරීයේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන් කටයුතු කරන බවයි.

මීට ඉහතදී ‘භික්ෂූන් වහන්සේලා මරාගෙන මැරෙන‘ බවට තර්ජනය කළ අසාද් සාලි හිටපු මන්ත්‍රීවරයාද එම විරෝධතාවට එක්ව සිටියහ.

Related posts

“විමල්ට එරෙහි සියලු චෝදනා අවුරුද්දට පෙර ගොණු කරන්න“ අගමැතිගෙන් උපදෙස්

colombotoday

රනිල් ලඟට ගිය පොහොට්ටුවන් අනාථයි

Admin

උතුරේ තියෙන්නේ සංවාද සාකච්ඡා

Admin

සියළුම දෙමළ මන්ත්‍රීවරු එක්වෙයි… “දෙමළ මන්ත්‍රී සංසදය“ හදයි !!

colombotoday

“ඇබ්සන්ට් වෙමු කියා, අනිත්ම මෙහොතෙ ගිහින් ඡන්දෙ දුන්නා..” එස්.බී-තිලංග කළ දේට සොයිසා කනස්සල්ලෙන්

colombotoday

වෙලාවට වැඩට ඇවිත් ‘ඇගිළි සළකුණු‘ තියන්න බෑ කියා කියා ජපුර හෙදියෝ උද්ඝෝෂණයේ

colombotoday