පත්තර කලාවේ මහ ගෙදර ලෙස හැදින්වෙන දිනමිණ පුවත්පතේ වත්මන් මාධ්‍ය භාවිතාව පිළිබදව පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී විවේචනාත්මක අදහස් පලවුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡායාරූපයක් විකෘති කර පලකළ බවටත් මෑතකදී චෝදනා එල්ලවූණා. ඒ චෝදනා අතරට එක්වන අලුත්ම චෝදනාව තමයි දිනමිණ, ජනමාධ්‍ය ලේකම්වරයාගෙත් ඡායාරූපයක් විකෘති කරල අමුතු වැඩක් කරලයි කියන කතාව.. ඒ ගැන මුහුණුපොතේ පලවූ සටහනක් පහතින්
“මෙතෙක් කලක් ජනපතිට අපහාස කළ ලේක්හවුස් ආයතනය ජනමාධ්‍ය ලේකම්ටත් අපහාස කිරීම අරඹයි
පුද්ගලයෙකුට සියුම් ලෙස අපහාස කරන්නේ කෙසේදැයි ලේක්හවුසිය මුල් පිටුවේ ප්‍රධාන ඡායාරූපයෙන් පෙන්වා දෙයි. ඡායාරූපයක් සංස්කරණය කර නිමල් බෝපගේ මහතාට කුසුම් රේණු මහත්මියගේ කකුල පාගවයි.
සරසවිය සම්මාන උළෙල වෙනුවෙන් පැවැත්වෙන සිනමා සතියේ ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා ලැබ තිබුණේ නිමල් බෝපගේ මහතා වන අතර ගෞරවනීය ආරාධිතයා ලෙස ආරාධනා ලැබ තිබුණේ පුන්‍යා හීන්දෙනිය මහත්මියයි. නමුත් ඒ කිසිවක් කිසිඳු ආකාරයකින් නොදක්වා ඉතාමත් අපහාසාත්මක ආකාරයෙන් පුවත වාර්තා කිරීම අයත් වන්නේ කුමන මාධ්‍ය සදාචාරයකටද?“
(සටහන – අරුණළු සදාහරිත FB)
[fbvideo link=”https://www.facebook.com/arunalub/videos/10208652776022972/” width=”500″ height=”400″ onlyvideo=”1″]