Colombo Today Local News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාත්‍යන්තරයටත් යයි.. පළමු විදෙස් ශාඛාව එංගලන්තයේ පිහිටුවයි

slpjpශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව ඊයේ එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටුවීමට කටයුතු කල බව ලන්ඩන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රථම විදෙස් ශාඛාවේ සභාපතිනිය ලෙස පත් වූ රානි බුලත්වල මහත්මිය පැවසීය.

එංගලන්තයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටුවීමට කටයුතු කිරීමට හැකිවීම සියලු දෙනාටම සතුටට කරුණක් බවත් එංගලන්තයේ සිටින ශ්‍රි ලාංකියන්ට අද දින සිට එහි සාමාජිකයින් ලෙස බැදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

ලන්ඩන් ශාඛාවේ නිලධාරි මණ්ඩලය අනුශාසක චන්දන සේනාධීර, සභාපති නීතිඥ රානි බුලත්වල (+447404409714), ලේකම් නීතිඥ ජෙයරාජ් පලිහවඩන, ප්‍රධාන සංවිධායක හා සම්බන්ධීකාරක අනුර මැදගෙදර ලෙස තේරී පත් කරගෙන තිබේ.

lankacnews

Related posts

ගල් අඟුරු නිධි පවතින රටවල් ගල් අඟුරු බලාගාර වසා දමන පසුබිමක ලංකාව සාම්පූර් බලාගාරය පණගන්වන්නේ ඇයි?

colombotoday

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට

Admin

හරීන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි. | හදිස්සියේ අසනීප වී රෝහලට. | සුව දුක් බලන්න සජිත් යයි

colombotoday

රටේ සංවර්ධනයට සහ ජන ජීවිතය නංවාලීමට උතුර දකුණ කියා වෙනසක් නෑ-අගමැති

colombotoday

හවුල් ආණ්ඩුව මටත් හොද නෑ.. රනිල්ට පමණක් දෙවනි මට ඇමතිකමක්වත් නෑ

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් අංශ ප්‍රධානී අත්අඩංගුවට

colombotoday