Colombo Today Local News

“නීතියේ ආධිපත්‍ය උඩ අගමැති රනිල් ‘තට්ටම‘ තියලා“ – වාසු

vasudewa 154

නිතීයේ ආධිපත්‍ය උඩ අගමැති රනිල් වික්‍රමසිංහ තට්ටම තියා වාඩිවී ඇති බව ,පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි. අද රට තුළ පවතින්නේ රනිල්ගේ ආධිපත්‍ය බවත් ඒ ගමන අනුමත කල නොහැකි බවද ඔහු පැවසීය.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ විත්තිකරුවෙකු බව පවසමින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් තමන් පොලිස්පතිට ලිපියක් යැවූ බවත්, ඒ සම්බන්ධයෙන් අද පරීක්ෂණ සිදු නොවෙන බවට ඔහු චෝදනා කළේය.

අදාළ ලිපිය නිතීපතිවරයාට ලබා දුන් බවට පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇති අතරම, මේ රටේ නිතීපති කාර්යාලය පිළිබද අමුතුවෙන් කතා කල යුතු නැති බවයි ඔහු කියා සිටියේ. අගමැති රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයේ රැදි සිටින තුරු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් ඉටු නොවෙන බවත්, අද රටේ කතානායක, නිතීපති පවා ඔහුගේ අණට යටත්ව සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

දෙමළ සන්ධානය විදෙස් තානාපතිවරුන්ට ගතු කියයි… වහා මැදිහත් වන්නැයි ඉල්ලයි…

colombotoday

පළාත් සභා ඡන්දයට ආණ්ඩුව සූදානම්

colombotoday

එක්නැලිගොඩ සිදුවීමට අත්අඩංගුවට ගත් නිළධාරීන් ගැන සොයා බැලීම යුධ හමුදාව මගහැරලා, වැටුප් ගෙවීමත් අත් හිටවලා – ඥාතීන්ගෙන් චෝදනා

colombotoday

සමාජ ජාල තහනම අරක්කු බොන නිසා වීදුරු කැඩුව වගේ වැඩක් !

colombotoday

නිවසකින් ලක්ෂ 46ක් සොරාගත් මෙහෙකාරිය අත්අඩංගුවට

colombotoday

අපි අළුත් ව්‍යවස්ථාවෙන් 13ට එහා බලය බෙදනවා.. ඒ යෝජනාව ගෙනාවෙ මහින්දයි !

colombotoday