සංහිදියාවට බාධාවක් යැයි පවසමින් ආණ්ඩුව සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාර මර්ධනයට සූදානම්වන බවත් ඒ සදහා වෙනම පොලිස් ඒකකයක් ස්ථාපිත කර ඇති බවත් බොදුබල සේනා සංවිධානය පවසනවා.
එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මාධ්‍ය හමුවක් අතමින් ඊයේ මේ බව කියා සිටියා. මෙරට සංහිදියාවට බාධා කරන්නේ භික්ෂූන් වහන්සේලා හෝ සිංහල බෞද්ධ ජනතාව නොවන බවත්, මේ රටතුළ ගැටළු ඇතිකරන සැබෑ අන්තවාදීන් කවුදැයි “සංහිදියා පොලිස් ඒකකයට“ පෙන්වා දීමට තමන් සූදානම් බවත් උන්වහන්සේ පවසා සිටියා.
ඥාණසාර හිමියන් දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.
[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1834081346861340/” width=”500″ height=”400″ onlyvideo=”1″]