Colombo Today Local News

“13 යටතේ නව ව්‍යස්ථාවෙන් ඉඩම්, පොලිස් බලතල පළාත්සභාවලට පවරනවා“ – ජයම්පති වික්‍රමරත්න

326juu13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත් සභාවලට හිමි ඉඩම් සහ පොලිස්‌ බලතල පැවරීමට නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන අනුකමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.

ඊට අදාළ යෝජනාව ජාතික ගැටුම් මානව හිමිකම් සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳව පත් කළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන අනුකමිටුව විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදෙන බව පැවසූ ඒ මහතා එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගෙන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කරන බවද කීවේය.

එම නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගත් පසු 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තවදුරටත් බලාත්මක කළ හැකි බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මෙය දකුණු අප්‍රිකානු ව්‍යවස්‌ථාව හා සමාන බව කීවේය.

එක්‌ රටක්‌ තුළ එක්‌සත් පළාත් රැසක්‌ යටතේ රාජ්‍ය පාලනය තුළින් අදාළ පළාත්හි ජීවත් වන ජනතාවට වැඩි පහසුකම් සැලසිය හැකි බවද පැවසූ ඒ මහතා මීට විරුද්ධ වන්නේ දූෂණ වැරදි චෝදනා සහිත දේශපාලනඥයන් බවද කීවේය.

හමුදා කුමන්ත්‍රණයකින් රට අල්ලාගත හැකි යෑයි කියා අසත්‍ය ප්‍රකාශ කරමින් ඔවුන් ජනතාව මුලා කිරීමට උත්සාහ ගන්නා බවද ජයම්පති වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දිවයින

Related posts

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පින්නවල – මැදගම්මැද්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Admin

20ට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

colombotoday

දින අටක් තිස්සේ පීසීආර් යන්ත්‍රයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හා උපකරණ නෑ. | නුවරඑළිය රෝහලේ පීසීආර් පරීක්ෂණ නවතියි.

colombotoday

රංජිත්-රන්ජන්-රාජිත ඇතුළු හිටපු රජයේ මැති ඇමතිවරුන් ඇතුළු 7කට සිතාසි

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළිත් රැස්වෙයි

Admin

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට අවසර…

colombotoday