Colombo Today Local News

මැතිසබේ කියුම් කෙරුම් එසැනින් රටට පෙන්වන්න අළුත් රූපවාහිනී නාළිකාවක් !

parliment-liveපාර්ලිමේන්තු සභා රැස්වීම් සජීවීව විකාශය කිරීම සඳහා විශේෂ රූපවාහිනී නාළිකාවක් මාස තුනක් ඇතුළත ආරම්භ කරන බව කථානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම අද සිට පාර්ලිමේන්තු සැසිවාර රූපවාහිනියේ චැනල් අයි නාළිකාව ඔස්සේ විකාශය කිරීමටද පියවර ගෙන ඇතැයි කථානායක කීය.

නමුත් මේ දිනවල පැවැත්වෙන සිම්බාබ්වේ, ශ්‍රී ලංකා හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය විකාශනය කිරීම අයි නාළිකාව ඔස්සේ සිදු කැරෙන බැවින් තරග පැවැත්වෙන දිනවල සජීව විකාශය සිදුනොවන බවත් එම දිනවල ජාතික රූපවාහිනියේ පාර්ලිමේන්තු සැසිවාර සජීවීව විකාශය කැරෙන බවත් කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

ව්‍යවස්ථා මණ්ඩලයේ රැස්වීම් ද සජීවීව විකාශය කිරීම සඳහා ද අවස්ථාවක් දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනාවක් ඉදිරිපත් කළේය.

Related posts

වැටලීමකට ගිය පොලිස් ජිප් රථයක් ප්‍ර්‍රපාතයට පෙරළේ…

Admin

ශ්‍රී ලංකාවේ දිනකට පිළිකා රෝගීන් 85ක්

colombotoday

මිරිස්වත්තේ ගිනිඅවි ගබඩාවක් වටලයි

colombotoday

“ආරක්ෂක ලේකම් වහා නෙරපනු“ සරත් විජේසූරියගෙන් ජනපතිට නියෝග

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරුන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

colombotoday

“සීගිරිය බලකොටුවක් නෙමේ ලෙෂර් පාර්ක් එකක්”

colombotoday