මහනුවර නගරයේ සියළුම මුස්ලිම් පල්ලිවලට පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙන බව වාර්තා වනවා. ඉහළින් ලැබුණු විශේෂ නියෝගයකට අනුවයි මෙලෙස මුස්ලිම් පල්ලිවලට පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙන්නේ.
සංවිධාන කිහිපයක එකමුතුවෙන් පිහිටුවාගත් “ශාසනාරක්ෂක සභාව“ අද පේරාදෙණිය ගැටඹේදී සහ මහනුවර ශ්රී දළදා මාළිගාවේ මහ මළුවේදී විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇති අතර අති විශාල පිරිසක් ඒ සදහා සහභාගී වනු ඇතැයි සංවිධායකයන් පවසනවා.
මේ අතර කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රිය අද පෙරවරුවේ අලව්ව සහ පොල්ගහවෙල අතරදී පීලි පැන ඇති බව වාර්තා වන අතර අදාළ වැඩසටහන සදහා පැමිණෙන අය දුම්රිය හැර වෙනත් විකල්ක මාර්ග යොදා ගන්නා ලෙස සංවිධායකයන් ඉල්ලීමක් කරනවා.