Colombo Today Local News

මහ බැංකුවෙන් හොරා කෑ මුදල්වලින් සමහරුන් පත්තර, රූපවාහිනී නාලිකා ගන්න හදනවා

2353232එතනෝල් විකුණලා, මහබැංකුෙවි දුෂණ වංචා සිදු කරලා සොයාගත් මුදල් වලින් සමහරු පත්තර පටන්ගන්න හදන බව , සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

ඔහු මේ බව කියා සිටියේ , නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී පැවති උත්සවයක් හා එක් වෙමින් .
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

මිනී මරලා හරි සල්ලි හොයන යුගයක් තමයි වර්තමානයේ තිබෙන්නේ. එතනෝල් විකුණලා, මහබැංකුෙවි දුෂණ වංචා සිදු කරලා සොයාගත් මුදල් වලින් සමහරු පත්තර පටන්ගන්න හදනවා. රූපවාහිනී නාලිකා ගන්නවා.ගුවන්විදුලි සේවා ආරම්භ කරනවා. දැන් ඉතිං අපට පහර දෙයි. උදව් කරනවා කියලා තමයි පටන් ගත්තේ. එවැනි පුද්ගලයින් සමග අපේ ගමනක් නැහැ. මාධ්‍ය හැමවිටම අවබෝධයෙන් කටයුතු කළ යුතු වෙනවා. හොද යහපත් දේශයක් ගොඩනැගීමට මාධ්‍යයට විශාල සේවාවක් ඉටු කළ හැකි වෙනවා. අපි බය නැතිව ක‍්‍රියා කරනවා. මුදල් වලට නැමෙන් නැතිව අපි අදහස් ප‍්‍රකාශ කරනවා. ඇතැම් අය කැසිනෝ ගහලා පත්තර මුද්‍රණය කරනවා. පළමුව එන්නේ පුවත්පතෙන්. පසුව විවිධ ව්‍යාපාර සිදු කරනවා. දේශපාලනඥයින්ටත් තර්ජනය කරනවා. දේශපාලනඥයින්ට බැනලා වැඩක් නැහැ. මාධ්‍යයත් එයයි කරන්නේ.

Related posts

බාදුරාගොඩ අල්කයිඩා පවුලම අත්අඩංගුවට

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දියකට රජය එකඟ වෙයි

Admin

2015 දී කොටස් වෙළෙපොළ 5.54% කින් පහළට. ආයෝජකයෝත් යන්න ගිහින්

colombotoday

මුස්ලිම් නායකයන් දේශප්‍රේමී වීරයන් ලෙස නම් කරන්න ඉල්ලයි

colombotoday

කඳාන උප දුම්රිය ස්ථානය වසා දමයි

colombotoday

“අර්ජුන් මහේන්ද්‍රන්ගේ නියෝගය නිසා බිලියන 10යේ ලංසුවට අනුමැතිය දුන්නා” හිටපු අධිකාරිනිය කියයි

colombotoday