Colombo Today Local News

“අන්තර්ජාලයේ ‘බයි-ටොයි‘ සටනත් ‘දුටුගැමුණු-එළාර‘ සටන වගේ“ – බුද්ධික පතිරණ

bai-toiඅතීතයේ එළාර – දුටුගැමුණු සටන මෙන් වර්තමානයේ අන්තර්ජාලය තුළ බයි – ටොයි සටනක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවති සංවාදයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

බයි-ටොයි සටනේදී පිරිසක් හම්බන්තොට වරායෙන් ලාභ ලබන බව පවසන ආකාරයෙන් ඇත්ත වශයෙන්ම ලාභ ලබන්නේදැයි මන්ත්‍රීවරයා වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

එහිදි පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ වරායෙන් ලාභ ලැබීමට වසර 50ක් පමණ ගත වෙනු ඇති බවයි. එසේම හම්බන්තොට වරාය පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ තාවයෙන් පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බවත් ඔහු පැවැසීය.

Related posts

අතුරු අයවැයට ඡන්ද විමසීම අද

colombotoday

බස්නාහිර පළාත් අවසන් වාර විභාග ගැන ගත් තීරණය

colombotoday

“ආණ්ඩුවේ වැඩ ප්‍රජාතන්ත්‍ර විරෝධීයි.. අගමැති උද්දච්චයි.. වහා පාඩමක් ඉගැන්විය යුතුමයි“ – නිර්මාල් රංජිත්

colombotoday

හම්බන්තොට වරායට, මත්තලට කරන්න යන දේ අගමැති කියයි

colombotoday

අද සිට බිත්තර අලෙවි කළ හැකි මිල මෙන්න

colombotoday

51%ක කොටස් චීන සමාගමකට පැවැරීමට ගිවිසුම් ගහලා

colombotoday