Colombo Today Local News

ලංකාවෙන් 32ක් ISIS ත්‍රස්තයන්ට එකතුවෙලා – අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

isis-sl232ශ්‍රී ලංකාවේ පවුල් 4ට අයත් පුද්ගලයින් 32ක් සිරියාව බලා ගොස් අයි.එස් ත්‍රස්ත සංවිධානයට එකතුවී ඇති බවට තොරතුරු ඇතැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අද(18)පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අද සිට රටේ ආගම්වාදී අන්තවාදී ක්‍රියාකාරකම්වලට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි.

ඇතැම් වෙබ් අඩවි හරහා අසත්‍ය ප්‍රචාර හා අන්තවාදී ප්‍රකාශ නිකුත්වන බවත්,ඒවායින් ජනයා නොමග යන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අයුරින් අධිකරණයට අපහාස වන ලෙස දිගින් දිගටම පුවත් පළකරන ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර යන අය ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙනවිත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

මේ අතර ලංකාවේ විදේශීය ඔත්තු සේවා කිහිපයක්ද ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් සඳහන් කළේය.

බුද්ධි අංශවල කනෙන් රිංගා ලංකාවෙන් ගිය තවත් ISIS ත්‍රස්තයෙක් සිරියා සටන් බිමේ!

Related posts

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල 10% කින් අඩු කරයි

Admin

ශ්‍රීලනිප-පොහොට්ටු සභාග රජයට ඇමති බදියුදීනුත් එක්වෙයි…

colombotoday

ආදරණීය රණවිරුවන් මේ විදියට පාවා දෙන්න පුලුවන්ද? රාජිතගේ ප්‍රකාශය පිළිකුලෙන් හෙළා දකිනවා – දයාසිරි ජයසේකර

colombotoday

එපා කියද්දී අබාය ඇදන් ඇවිත්… පුත්තලම ප්‍රා.ලේකම් නිලධරයෝ ලෙඩ නිවාඩු දමති

colombotoday

වන අලි අල්ලා හීලෑ කර විදේශ රාජ්‍ය නායකයන්ට තෑගි කරන්න යෝජනා වෙයි…

colombotoday

නව රේගු පරිපාලනය අසාර්ථකයි?

Admin