Colombo Today Local News

“ආවා“ කල්ලියේ ප්‍රධානියා හිටපු කොටි සාමාජිකයෙක්… ත්‍රස්ත විමර්ෂණය අධිකරණයට දැනුම් දෙයි

පසුගිය කාලයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල මහත් භීතියක් ඇති කළ ‘ආවා’ කල්ලියේ ප්‍රධානියා ලෙස කටයුතු කොට ඇත්තේ හිටපු කොටි සාමාජිකයෙකු වන ‘සන්නා’ නමැත්තා බව ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මියට දැනුම් දුන්හ. ‘ආවා’ කල්ලියට ජාත්‍යන්තර සංවිධානවලින් මුදල් ලැබී ඇති බවද දැනුම්දුන් ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීහු ‘ආවා’ කල්ලියේ ප්‍රධානියා වූ ‘සන්නා’ නමැත්තාද ඇතුළු එම කල්ලියේ සාමාජිකයන් එකොළොස් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළහ.

සැකකරුවන් ඉදිරිපත් කරමින් ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් සියලු දෙනා ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළාය.‘ආවා’ කල්ලියට සම්බන්ධ බව කියමින් මීට පෙර අවස්ථාවලදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තවත් සැකකරුවන් කිහිප දෙනෙකුම මීට පෙර අවස්ථාවලදී රිමාන්ඩ් භාරයට පත් කොට තිබිණි.

Related posts

මෙරට ඩෙල්ටා ආසාදිතයින් 38 දක්වා ඉහළට | සැක සහිත සම්පල් 70ක් ජපුරට

colombotoday

නව නීති මත ඇරැඹීමට සුදානම් වන ක්‍රිකට්

colombotoday

බලය බෙදන ව්‍යවස්ථාව ඕනමයි.. ශ්‍රීලනිප පිං ඇමතිලා ජනමත විචාරණයට බාධාවක්

colombotoday

කඩේ මිලට වඩා මිල වැඩියි. – Pick Me සහ Uber කරන කූට වැඩේ

colombotoday

ජනපති දැඩි ස්ථාවරයක… සියලුම නිලධාරීන්ට අනතුරු අගවයි…

colombotoday

ගුවන්තොටේ බෝම්බ තොරතුරක්,සැකකරුවන් අත්අඩංගුවට

Admin