Colombo Today Local News

“ආවා“ කල්ලියේ ලොක්කා ඇතුළු 38ක් අත්අඩංගුවේ !

ආවා කල්ලියේ බව පැවසෙන සාමාජිකයින් 62ක් හඳුනාගෙන ඇති බවත්, ඉන් 38 දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බවත්, නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (15දා) පැවසීය.

ආවා කණ්ඩායමේ නායකයා ලෙස සැලකෙන කුමරේෂ්වර් විනෝදන් ද මේ වන විට අත්අඩංගුවේ පසුවන බව අමාත්‍යවරයා සදහන් කර සිටියේය.

එම කණ්ඩායම පළමු කඩුව ගෙන්වා ඇත්තේ බ්‍රසීලයෙන් බවත්, එය පළමුව ඉන්දියාවට ගෙනැවිත් එතැන් සිට ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති බවත්, එසේම තවත් එවැනි ආයුධ ඔවුන් විසින්‍ හදාගෙන ඇති බවත්. අමාත්‍යවරයා එහිදී කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස හෙතෙම මේ බව කියා අනාවරණය කළේය.

ඒ අනූව අදාළ කල්ලියේ බවට සැක කරන ප්‍රධාන සාමාජිකයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බවද හෙතෙම පවසා තිබේ.

 

Related posts

විමල් නිවාස හා සමාජ සුබසාධන ඇමතිකමේ දිවුරුම් දෙයි….

colombotoday

කතුරකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

“ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැරගත්තා”යැයි කියන සිදුවීම සිදුනොවූ දෙයක් බව ජනපති කියයි

colombotoday

ආචාර්ය උපාධිය ගැන කතානායකගේ ප්‍රතිචාරය

Admin

මහ බැංකුවේ හොරකමක් වී ඇතැයි හදුන්නෙත්ති කීවා.. එනිසා ඔහු කෝප් සභාපතිකමට සුදුසු නෑ

colombotoday

සීනි බද්ධ කළායි මං දැනගත්තේ අභයාරාම පන්සලේ ඉද්දි – ඇමති බන්දුල කියයි

Admin