Colombo Today Local News

අයවැය අස්සේ ජල ගාස්තුවත් 30%කින් වැඩි කෙරේ.. ගැසට් නිවේදනයත් එයි

watr232

දෙසැම්බර් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තුව 30%කින් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඊට අදාල ගැසට් නිවේදනයද මේ වන විට නිකුත් කර ඇත.

දෙසැම්බර් මස පළමුවැනිදා සිට ජල ගාස්තුව 30%කින් ඉහල දමන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ජල ගාස්තු ඉහල දැමීමක් ගැන 2017 වසර සදහා වූ අයවැයේ කිසිදු සදහනක් වූයේ නැත.

අද (12) පැවැත්වෙන අයවැය විවාදයට එක් වෙමින් ජල බිල්පත ඉහළ දැමීම පිළිබදව අදහස් දක්වමින් ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කර සිටියේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළ පරිදිම හොල්මන් අයවැයේ අවතාර මේ වනවිට එළියට පනිමින් සිටින බවයි. හොල්මන් යනු ඇසට නොපෙනන අදෘෂ්‍යමාන බලවේගයක් බවත් මෙම අයවැයද එවැනිම අදෘෂ්‍යමන හස්තයකින් ක්‍රියාත්මක වන අයවැයක් බවත් එවැනි අයවැයකින් මෙවැනි අවතාර ඇතිවන බවත් එහිදී විජිත හේරත් මහතා පැවසීය.

Related posts

ගෑස් ටොන් 10,000 ක් රැගත් නෞකාවක් හම්බන්තොටට සේන්දු වෙයි

colombotoday

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය මහාචාර්ය පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිට

colombotoday

බෙහෙත් ගන්න ගිය පුද්ගලයෙකුට මහ මඟදී අලියෙක් ගහලා

Admin

කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර

Admin

සුරාබදු කොමසාරිස්ගේ ගෙදරට බෝම්බ ගහයි !

colombotoday

කෝටි 6කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව අල්ලයි

Admin