Colombo Today Local News

රවීගේ අයවැයෙන් ජනතාවට අවාසියි.. ඒකාබද්ධ විපක්ෂයට වාසියි !

mahinda-r33මෙවර අයවැයෙන් ජනතාවට සහන ලබාදීමක් සිදුවී නැතැයි හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

2017 වසර සඳහා රජය විසින් ඊයේ(10) ඉදිරිපත්කළ අයවැය යෝජනා පිළිබඳව මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

සමුපකාරයටත් බදු අයකරගෙන, ඉතිං ඊට වඩා කතා කරන්න දෙයක් නැහැනෙ” යනුවෙන් පැවසූ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මෙම යෝජනා ක්‍රියාත්මක වන විට ජනතාවට එය දැනෙනු ඇති බවය.

මුදල් ඇමතිවරයා යන්නේ කොහේදැයි නොදැනක්‍රියාකරන බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා, මුදල් ඇමතිවරයා ආණ්ඩුවට ලණුවක්දී ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වා ඇතැයිද පැවසීය.

අයවැයට එරෙහිව ඡන්දය දෙන බවද යම් හෙයකින් එය පරාජය කිරීමට නොහැකි වුවත් ජනතාව එයට නිසි පිළිතුරු ලබාදෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

Related posts

කොළඹ වරාය නගරයෙන් රටට අයිති විය යුතුව තිබූ ඉඩම් විශාල ප්‍රමාණයක් අහිමි වෙලා- අගමැති

colombotoday

වරාය ගිවිසුම හදන අනුකමිටුවෙන් ඇමති චම්පික ඉවත් වෙයි !

colombotoday

මහ සඟරුවන සියක්‌ නමක්‌ යාපනය මහ රෝහලේදී ලේ පරිත්‍යාග කරති (Photo)

colombotoday

පානම්පත්තුවේ කිලෝමීටර් දහයක් වැලි හාරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉඩ දීලා

Admin

වැලන්ටයින් චොක්ලට් කෑවාට මව්පියන්ගෙන් ගුරුවරුන්ට චෝදනා

Admin

මැලේසියාවේ රැකියාවක් කල කතක් තට්ටු නිවෙසින් වැටී මරුට

Admin