මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් 2017 වර්ෂය සදහා අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියේදී මිල අඩු කර ඇති භාණ්ඩ මෙසේය.
ගෘහස්ථ ගෑස් සිලින්ඩර රු. 25 කින්, මු ඇට කිලෝවක් රු. 15 කින්, පරිප්පු කිලෝවක් රු. රු10 කින්, අර්තාපල් කිලෝවක් රු. 5 කින්, හාල්මැස්සන් කිලෝවක් රු. 5 කින්, භූමිතෙල් ලීටරයයක් රු. 5 කින්, සුදු සීනි කිලෝවක් රු. 2 කින්
අන්තර්ජාල සේවා සඳහා විදුලි සංදේශ සේවා ගාස්තුව 25%කින් වැඩි කිරීමට යෝජනා කර ඇත.
4.55 PM පැරණි වාහන අපනයනයේදී බදු සහන ලබා දීමට පියවර
4.53PM ස්වංයක්රීය ටෙලර් යන්ත්රවලින් මුදල් ගැනීමේ දී අය කරන මුදල රුපියල් 10 දක්වා වැඩි කිරීමට පියවර
4.52 PM විද්යුත් මෝටර් රථ බදු අඩු කෙරේ
4.50PM මුංඇට රුපියල් 15කින්/පරිප්පු රුපියිල් 10කින්/අර්තාපල් රුපියල් 5කින්/හාල්මැස්සන් රුපියල් 5කින් සුදුසීනි රුපියල් 2කින්/ගෘහස්ථ ගෑස් ිසිලින්ඩරයක් රුපියල් 25කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 5කින් අඩු කෙරේ
2:04 PM 2017 අය වැය කියවීම අරඹයි
-උපුටා ගැනීම නෙත් නිවුස්-