Colombo Today Local News

“ලොකුම ප්‍රශ්නය මාධ්‍ය.. මාධ්‍ය කොතරම් කෑගැසුවත් මේ ආණ්ඩුව වට්ටනව බොරු“ අගමැති

Ranil wickramasinghe

මාධ්‍යයේ අවශ්‍යතා අනුව ආණ්ඩු පෙරළීමට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව සිදු කරගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ බිඳ දැමීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බවයි.

ගාල්ල, ඉදුරන්විල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

‍මෙම ආණ්ඩුව පත්වුවද තම පක්ෂයට බලයක් ‍නොතිබුණ බවත් ‍මෛත්‍රීපාල මැතිතුමා සමඟ එකතු වී තමන් ‍‍මෙම ආණ්ඩුව ඇති ක‍ළේ බලය ලබා‍‍ගෙන රට දියුණු කිරීමට බවත් එතුමා කියා සිටියේය.

අතීත‍යේ දී ‍ජේ.ආර්.ජයවර්ධන මහතා හ‍යෙන් පහක බලයකින් ඡන්‍‍දය දිනූ පසු එජාපයට තනි ශක්තියක් තිබුණ නමුත් අද ඇත්‍‍තේ ප්‍රධාන පක්ෂ ‍දෙකක ශක්තියක් බවත් එතුමා අවධාරණය ක‍ළේය.

මින් විශාලතම ප්‍රශ්නය ඇත්‍‍තේ මාධ්‍යයට බවත්, එයට ‍හේතුව වන්නේ එ‍සේ එකතු වු‍‍‍ව‍‍හොත් මාධ්‍ය වැ‍‍ටේ යැයි ඔවුන් සිතන නිසා බවත් එතුමා පැවසීය. එබැවින් කෙතරම් උත්සාහ කළද ‍‍මෙම ආණ්ඩුව අවුරුදු 5 ක් පවතින බවත්, මාධ්‍ය කෙතරම් කෑ ගැසුවද ‍එය වෙනස් ‍‍නොවන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ ක‍ර සිටියේය.

Related posts

අසහාය සිනමාවේදියා දැයෙන් සමුගනිද්දී සම්මානය හොරු ගනී…

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 10ක් එජාපයට

colombotoday

අගමැති විශේෂ ප්‍රකාශයකට සැරසෙයි !

colombotoday

කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ පහකට ඇඳිරි නීතිය පනවයි

colombotoday

ජාතික ආණ්ඩු යෝජනාව බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනයක්

colombotoday

රටේ දුක් ගිනි නිවූ අපේ දුක් ගිනි නිවන්න අද කවුරුත් නෑ. ආබාධිත රණවිරුවෝ මහා නා හිමියන්ට දුක කියයි.

colombotoday