Colombo Today Local News

ඉතිහාසයේ මුල්වරටයි.. දෑත් දෙපා අහිමි රණවිරුවන්ට අධිපීඩන ජල ප්‍රහාර, කදුළු ගෑස් ප්‍රහාරයක් !

සේවා විශ්‍රාම වැටුප් ලබාදෙන්නැයි ඉල්ලමින් දින කිහිපයක් තිස්සේ විරෝධතා පැවැත්වූ ආබාධිත රණවිරුවන් සහ හිමිවරු පිරිසක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ.

පෙළපාළියෙන් ගිය ඔවුන් වැළැක්වීමට පොලිසිය කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කළේය. පොලිසිය පවසන්නේ විරෝධතාකරුවන් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීම වැලැක්වීම සදහා මෙම පියවර ගත් බවයි.

දෑත් දෙපා අහිමිව ආබාධිත තත්ත්වයේ පසුවන රණවිරුවන් ප්‍රහාරයෙන් දැඩි පීඩාවට පත්වූ අතර ඔවුන් එහි සිටි පිරිස් සමග පැවසූවේ යුද්දය නිසා අබාධිත වූ තමනට හිමිව ඇති විශ‍්‍රාම වැටුප ලබා දෙන ලෙස් ඉල්ලා සිටි නිරායුද තමන් ඉලක්ක කර එල්ල කල මෙම ප‍්‍රහාරය හද කම්පා කරන බවයි. තමන් මේ රට බේරාගත් මිනිසුන් මිස රටට හතුරුකම් කල වුන් නොවන බවද තම දෑත් දෙපා අහිමි වූයේ රට වෙනුවෙන් යුද වැද බවත් ඔවුන් කියා සිටිති.

මේ ආකාරයේ කදුළු ගෑස් හා අධිපීඩන ජල ප‍්‍රහාරයක් රණවිරුවන් පිරිසක් ඉලක්ක කරමින් එල්ල වූයේ ඉතිහාසයේ මුල්වරටයි.

Related posts

අලි ගහන්න ආවොත් 1992 අංකයට කතා කරන්න

colombotoday

කොවිඩ් ආසාදිතයින් ගණන 1278 දක්වා ඉහලට

colombotoday

තහනම් සංවිධානවලට ආයුද දුන් යාපනයේ තරුණයෙක් අල්ලයි

colombotoday

“නාමල්ගෙන් උපදෙස් ගන්න මම දේශපාලන බබෙක්ද” – හිටජු ජනපති

colombotoday

භික්ෂු පනතට අස්ගිරි මහා සංඝ සභාවේ විරෝධය ! නිළ වශයෙන් දැනුම් දෙයි

colombotoday

කොරෝනා මරණ 800 දක්වා ඉහළට… 37,000ක් ආසාධිතයි !

colombotoday