Colombo Today Local News

ජනපතිට “සිංහලේ“න් සැර ලිපියක්.. ශ්‍රීපාද අරාබි ඉදිකිරීම් සහමුලින්ම නවතනතුරු මාරාන්තික උපවාසයක්

sinh2232ශ්‍රීපාද රක්ෂිත මායිමේ අරාබි සමාගමක් විසින් සිදුකරන ඉදිකිරීමට විරෝධය පලකරමින් “සිරිපා උරුමය“ රැකගැනීම වෙනුවෙන් ‘සිංහලේ ජාතික බලමුළු‘ මහනුවරින් ආරම්භ කළ පාගමන දින තුනකට පසු ඊයේ සවස නල්ලතන්නියට ලගා විය.

අදාල ඉදිකිරීම් මුළුමනින්ම නවත්වන බව බලධාරීන් ලිඛිත පොරොන්දුවක් ලබා දෙන තුරු සත්‍යග්‍රහයක් ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කළ බවත්, ඉල්ලීම් නොලැබුණහොත් මාරාන්තික උපවාසයක් අරඹන බවත් එම සංවිධානය පවසයි.

මේ අතර සිරිපා රක්ෂිතයේ සංවේදී පාරිසරික කළාපය විනාශ කරමින් සිදුවන එම ඉදිකිරීම නැවැත්වීම සදහා වහාම මැදිහත් වන්නැයි “සිංහලේ ජාතික බලමුළුව“ ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇති අතර එසේ නොවුණහොත් ඉදිරියේදී ඇතිවන තත්තවයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජය වගකීම භාරගතයුතු බවද ඔවුන් දැඩිව අවධාරණය කරයි.

[fbvideo link=”https://www.facebook.com/SJBOFFICIALPAGE/videos/1118131534961340/” width=”500″ height=”400″ onlyvideo=”1″]

[fbvideo link=”https://www.facebook.com/SJBOFFICIALPAGE/videos/1118924174882076/” width=”500″ height=”400″ onlyvideo=”1″]

sinhle

 

Related posts

පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්

colombotoday

දේශීය කාබනික කෘමිනාශක නිපදවීමට මිලියන 35000ක්

colombotoday

කුරැන්දි ස්ථූපය කඩා ඉවත් කිරීමට අධිකරණය දී තිබූ තින්දුව අහොසි කරයි.

colombotoday

කබ්රාල් අස්වීමේ ලිපිය සදුදා බාරදෙයි

colombotoday

‘පරිප්පුවා’ කෝන්කඩවලදී STF දැලේ

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 2500 ඉක්මවයි

colombotoday