Colombo Today Local News

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහිවෙයි.. සභාපති, ලේකම්, මාධ්‍ය ප්‍රකාශක මෙන්න

podujana-peramuna

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවන නව පක්ෂය සදහා නව නිලධාරී මණ්ඩලය මේ වන විට පත්තර තිබේ.

නව පක්ෂය ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ‘ ලෙස නම්කර තිබෙන අතර ‘මල් පොහොට්ටුව’ නව පක්‍ෂයේ ලාංඡනයයි.

එහි සභාපතීත්වය දරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වන අතර ලේකම්වරයා වන්නේ නීතිඥ සාගර කාරියවසම් මහතායි.

නව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර ඇත්තේ ජනප්‍රිය මාධ්‍යවේදියෙකු වන සංජීව එදිරිමාන්න මාහතායි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය යෙදෙන නොවැම්බර් 18 වනදා නව පක්ෂයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

 

Related posts

යකා සම්පත් අත්අඩංගුවට

colombotoday

දෙමළ ජනතාවට ස්වයංතීරණ අයිතිය ඕන… උතුරේ මහ ඇමති ජනපතිගේ මූණටම කියයි

colombotoday

අසාම් අමීන් BBC ආයතනයේ සේවයෙන් ඉවත් කෙරේ !

colombotoday

මහ බැංකුවට කායවර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීමට ඉල්ලුම් පත් කැඳවීම් නවතයි

colombotoday

කෙහෙළියට නිවසින් ආහාර ගැනීමට අවසර

Admin

මාස දෙකට ඩෙංගු රෝගීන් 9,809ක්

colombotoday