Colombo Today Local News

යාපන ශිෂ්‍ය සංගමයට හිටි හැටියේම සිංහල බැරිවෙයි.. ආණ්ඩුකාරයාගේ ලිපිය හරවා යවයි !

gt5523යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා, තම සංගමය වෙත උතුරු ආණ්ඩුකාරවරයා වන රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් එවන ලද ලිපියක් යළි ඒ මහතා වෙත ලැබීමට සලස්වා තිබුණි.

ඒ, සිංහල බසින් ලියා ඇති එම ලිපිය සහ ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇති කාරණය තමන්ට නොවැටහෙන බව සඳහන් කරමිනි.

නමුත් පසුගියදා සිදුවූ ශිෂ්‍ය ඝාතනය පිළිබඳව යාපනය විශ්වවිද්‍යාලය විසින් නිකුත් කළ වාර්තාව සිංහල බසින් ලියා ඇති අතර එයට අදාළ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා තම අත්සන යොදා තිබිණි.

පසුගියදා යාපනය සරසවි සිසුන් දෙදෙනෙකු වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධව එම විශ්වවිද්‍යාලයේ සිසුන් ගෙනගිය විරෝධතාවය පිළිබඳවත් ඔවුන් සහ ආචාර්ය මණ්ඩලය තමාට භාරදුන් පෙත්සම් කිහිපයක් පිළිබඳවත් ජනාධිපතිවරයාට දන්වා ආණ්ඩුකාරවරයා විසින් මෙම ලිපිය යවා ඇත.

ආණ්ඩුකාරවරයා විසින් එහි පිටපත් එම විශ්වවිද්‍යාලයේ කලා පීඨ ශිෂ්‍ය සංගමයටත්, නීති පීඨ ශිෂ්‍ය සංගමයටත්, විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයටත් ලැබීමට සලස්වා තිබේ.

කලා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. රජීවන්  එය යළි ආණ්ඩුකාරවරයා වෙත ලැබීමට සලස්වා ඇත්තේ, (We could not understand what you are saying here. We are trying to say that Sri Lankan official languages are Sinhalese and Tamil) ඔබ පවසන දේ පිළබඳව අපට නොවැටහෙන බවත් අප කීමට උත්සාහ දරන්නේ ශ්‍රී ලංකාවේ නිල භාෂාවන් වන්නේ සිංහල සහ දෙමළ භාෂාව බවත්ය.

එම සංගමය විසින් අත්සන් තැබූ ලිපිය සහ යළි ආණ්ඩුකාරවරයා වෙත යැවූ ලිපි පහතින්.

14876610_301111876954451_6510214324549366718_oreginaldletter1

Related posts

පිල්ලෙයාන්ගේ උපදෙස් අනුව එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානි වූ සුරේෂ් සලේ සහ තවුහිද් ජමාත් සාමාජිකයන් අතර හමුවක් සංවිධානයට පියවර ගත්තා – චැනල් ෆෝ වීඩියෝව නිකුත් කෙරේ..

Admin

පොලිසියට එරෙහිව පැමිණිලි 11,450 ක්..

Admin

චීනයේ ලාංකික සිසුන් 150ක් ප්‍රථම අදියරේ ගෙන්විම ඉදිරි පැය 48 ඇතුළත

colombotoday

මධුෂ් උපදින වේලාවේ වින්නඹුකම් කළේ මගේ අම්මා. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම ඔහු මගේ යාළුවෙක්‌

colombotoday

වනාතවිල්ලුවේ ISIS කදවුරක්… පිටුපස ප්‍රබල දේශපාලකයෙක්….

colombotoday

අග්නිදිග විශ්වවිද්‍යාලයේ ජාතිවාදී ගිනිදළු.. සිංහල සිසුන්ට ඉවරයක් නැති පීඩා.. පල්ලි දෙකයි. බුදු මැදුරට තහංචි !

colombotoday