Colombo Today Local News

මහ හොරා රකින්න, එජාපය “කෝප්“ වාර්තාව බයිස්කෝප් කරලා..

jvp

”එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු උත්සහ කරන්නේ මහබැංකු ගණුදෙනුවේ හොරු රකින්නයි.. ඒක වතුර වගේ පැහැදිලි” යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජවිපෙ කෝප් සභාපති ධුරය දරණ තාක්කල් කෝප් කමිටුව යොදා ගෙන හොරු රකින්න කාටවත් ඉඩ දෙන්නේ නැතැයි එම පක්ෂයේ කෝප් කාරක සභික බිමල් රත්නායක මන්ත්‍රීවරයා අද(25) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු හෙවත් කෝප් කාරක සභාව සැකසූ මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වන අවසන් නිගමන හා නිර්දේශ වාර්තාව කුමන බාධක ආවත් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා එහිදී අවධාරණය කළේය.

එජාප මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධ‍‍යෙන් බයිස්කෝප් වා‍ර්තාවක් ඉදිරිපත් කරමින් අලි බබා බේරා ‍ගෙන හොරුන් දහ දෙනෙක්ගෙන් කිහිපදෙනක් බැඳුම්කර වංචාවට හසු කිරීමේ උත්සාහයක නිරත වන බවද ඔහු කීය.

Related posts

චීන පොහොර සාම්පල යළි පරීක්ෂාවකට ලක් කිරීම නීති විරෝධී. – කෘෂිකර්ම ලේකම් කියයි

colombotoday

ලංවිම හිටපු සභාපති ෆර්ඩිනැන්ඩු අද යළිත් කෝප් කමිටුවට කැඳවයි

colombotoday

පොලිස් නිලධාරීන් සිවුදෙනෙකු නිවසක් කොල්ලකති

Admin

උතුරේ මියගිය අය සමරා විග්නේෂ්වරන් ස්මාරකයක් විවෘත කරයි

colombotoday

මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,120ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

Admin