Colombo Today Local News

ඊළාම් ඩයස්පොරා හඩ සිරිකොතෙන් ඇසේ.. හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කරන්නැයි දැඩි බලපෑම් !

sale-02422

යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට පෙරේදා (18) ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට ජනාධිපතිවරයා මේ වනතුරු ප්‍රතිචාර දක්වා නොමැති බව අභ්‍යන්තර තොරතුරු මාර්ග අනාවරණය කරයි.

යුද හමුදා බුද්ධි සේවා ප්‍රධානියා තනතුරෙන් ඉවත් කරන ලෙස ජනපතිවරයා වෙත අගමැතිවරයාගෙන් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බවත්, ජනාධිපතිවරයාට එරෙහිව එජාප පාර්ශවයෙන් සිදුකළ කුමන්ත්‍රණ කිහිපයක් සම්බන්ධයෙන්  හමුදා බුද්ධි අංශය ජනපතිවරයා දැනුවත් කර ඇතැයි යන අදහස මෙම බලපෑමට ආසන්නම හේතුව වී ඇතැයි ද ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මේ අතර යුද හමුදා බුද්ධි ප්‍රධානියා තනතුරෙන් ඉවත් කළ බව එජාපයට හිතවත් වෙබ් අඩවියක් මගින් ඊයේ ප්‍රචාරය කර තිබිණි.

යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා කුමන්ත්‍රණකරුවෙක් බව පවසමින් වහාම ඔහු එම තනතුරින් නෙරපා දමන ලෙස එජාපයට හිතවත්, පුරවැසි සංවිධාන ලෙසින් හදුන්වා ගන්නා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් පසුගියදා මාධ්‍ය හමුවක් කැදවමින් ජනාධිපතිවරයාට බලකර තිබිණි.

බ්‍රිගේඩියර් සුරේෂ සලේ යනු ජාත්‍යන්තර ඊළාම් ජාලයේ රහසිගත ක්‍රියාකාරම් රැසක් හෙළිදරව් කරගැනීමට සමත් වූ රට වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් කළ නිලධාරියෙකි.  ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සම්බන්ධව සේවය කරමින් සිටියදී ප්‍රංශ කොටි ජාලයේ ක්‍රියාකාරකම් රැසක් හෙළිදරව් කරගැනීමටද ඔහු සමත්විය.

යම් හෙයකින් බ්‍රිගේඩියර් වරයා බුද්ධි ප්‍රධානී තනතුරින් ඉවත් කළහොත් ජාත්‍යන්තර කොටි ජාලය ගෙන යන රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් පිළිබදව සිදුවන විමර්ශන මුලුමනින්ම බිද වැටීමට ලක්වන අතර එමගින් ජාතික ආරක්ෂාව බරපතල අවදානමක ලක්වේ. මතුව ඇති අනතුරුදායක තත්වය සම්බන්ධයෙන් විදෙස්ගත ලාංකික සංවිධාන ජනාධිපතිවරයා දැනුවත් කිරීමටද මේ වන විට කටයුතු කරමින් සිටී.

බ්‍රිගේඩියර් සුරේෂ් සලේ තනතුරුන් ඉවත්කිරීට යෑමේ පුවත ප්‍රචාරය වීමත් සමගම කොටි ජාත්‍යන්තර ජාලය උද්දාමයට පත්ව ඇති අතර ඊළාම් වෙබ් අඩවි මගින්ද ඔහු තනතුරින් ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තු සහගත පුවත් ප්‍රචාරය කර ඇති බවද වාර්තා වේ.

 

Related posts

පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කරයි

Admin

ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ ආයෝජනයේ අවදානම ගැන මහබැංකුවෙන් නිවේදනයක්

Admin

අම්පාර පෙරියමුත්තු ආරු කලපුවේ අක්කර හයක් මුස්ලිම් ජාතිකයන් බලෙන් අල්ලාගෙන.

colombotoday

සරසවි යළි ඇරඹීමට තීරණයක්

colombotoday

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනයට කමිටුවක්

colombotoday

රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් 200කට පන්ති තහනම්

colombotoday