අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් බාරගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
වික්‍රමසිංහ මහත්මිය පසුගිය 17 වන දා ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කල අතර එය ජනාධිපතිවරයා විසින් අද පස්වරුවේ අනුමත කර තිබේ.
එසේම අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරියක් වන සුනේත්‍රා ජයසිංහ මහත්මිය කරනු අල්ලස් කොමිසමේ වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර ඇත.