Colombo Today Local News

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන කසුකුසු ! කුමන්ත්‍රණය පිටුපස ප්‍රබල එජාප ඇමතිවරයෙක් ?

presdnt223

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරිම සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව ඇති බව බුද්ධි අංශ ජනාධිපතිවරයාට දන්වා ඇතැයි දුෂමාණ ආරංචියක් මේවන විට ආණ්ඩුව අභ්‍යන්තරය දැඩි කැළඹීමකට ලක්කර තිබෙන බව අභන්තර තොරතුරු මාර්ග අනාවරණය කරයි.

එම ඝාතන කුමන්ත්‍රණය අගමැති සිහිනයකින් පසුවන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලතම ඇමතිවරයෙකු විසින් සැලසුම් කර ඇති බවත්, රටේ ඉහළම මූල්‍ය මර්මස්ථානයක සිදුවූ දූෂිත ගනුදෙණුවක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින කණ්ඩායමක ප්‍රබලයෙක් වන ඔහු ජනාධිපතිවරයාගේ අණ ඉක්මවා රජයේ මූල්‍යමය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තීරණ ගැනීම හේතුවෙන් ජනපතිවරයා සමග මත ගැටුමක් ඇතිකරගෙන සිටින්නෙකු බවද කතා බහට ලක්වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ජනපතිවරයා දැඩි තීරණයක සිටියදී සිය ඇමති බලතල භාවිතා කරමින් ඊට ප්‍රතිවිරුද්ධ තීරණ ගැනීම හේතුවෙන් මෙම මතගැටුම තවත් උග්‍ර වී ඇති අතර, සිය කටයුතු වලට දිගින් දිගටම බාධා එල්ලවීම සම්බන්ධයෙන් අදාල ඇමතිවරයා ජනපතිවරයා සමග දැඩි ලෙස උරණව සිටින බවද කතා බහට ලක්වෙයි.

යම්කිසි හේතුවක් මත හදිසියේ ජනාධිපතිධුරය හිස් වූවහොත්, ඉදිරි ක්‍රියාමාර්ග හරහා පුරප්පාඩුවන අගමැති ධුරය තමන්වෙත ලබා ගැනීමට මොහුගේ සැලසුම වී ඇති බවත් බුද්ධි අංශ ජනාධිපතිවරයා වෙත වාර්තා කර ඇති බවද ආණ්ඩුව අභ්‍යන්තරයේ කතා බහට ලක්වන බවද පැවසෙයි.

ආණ්ඩුවේ එජාප පාර්ශවය යටතේ මෙහෙයවෙන FCID,CID,අල්ලස් කොමිසම හිටපු ආරක්ෂක ලේකම්වරයා හා හමුදාපතිවරුන් උසාවි කැදවීම, සහ බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන විරෝධය තමන් දෙසට එල්ල වීමත්, පසුගියදා රාත්‍රී සමාජශාලවක ඇතිවූ සිද්ධියේදී තම පුත්‍රයා සම්බන්ධයෙන් එජාප හිතවාදී මාධ්‍ය හරහා සැලසුම්සහගතව ගෙන ගිය ප්‍රචාරයන් සම්බන්ධයෙන් සහ, කලක් තිස්සේ වර්ධනය වූ ප්‍රතිපත්තිමය මත ගැටුම් හේතුවෙන් එජාප පාර්ශවය පිළිදව කලකිරීමකින් හා දැඩි අවිශ්වාසයකින් පසුවූ ජනාධිපතිවරයා තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබදව අනාවරණය වීමත් සමග දැඩි ලෙස උරණ වී ඇති බවත්, FCID,CID, ක්‍රියාකලාපය ප්‍රසිද්ධියේ විවේචනය කරමින් එළිපිටම එජාප පාර්ශවයට ප්‍රහාරයක් එල්ල කළේ එම නිසා යැයි කතාබහට ලක්වන බවද ආරංචි මාර්ග සදහන් කරයි.

ජනපති ඝාතන සැලසුම සම්බන්ධයෙන් පලවූ තොරතුරු පිළිබදව මේ වන විට බුද්ධි අංශ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් යම් කරුණු ඉදිරි දින කිහිපයේදී මාධ්‍ය වෙත අනාවරණය වනු ඇති බවද ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

Related posts

ගෝඨාගේ දේශපාලන සම්ප්‍රාප්තිය අද

colombotoday

පිට පිට දින දෙකකදී කළුතර බන්ධනාගාර⁣යට ඉගිල ආ තහනම් පාර්සල්

colombotoday

දිස්ත්‍රික්ක 10කට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ…

Admin

පාස්කු ප්‍රහාරය: විත්තිකරුවන් 25ට එරෙහි නඩුව විභාගයට ​ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක්

colombotoday

අද මියගියේ රෝගය වසන් කරගෙන සිටි දෙහිවල මොහොමඩ් උම්රිඩ් නමැති මැණික් ව්‍යාපාරිකයායි

colombotoday

ඇමති මංගලට කුණු බිත්තර ප්‍රහාරයක්

colombotoday