Colombo Today Local News

ජනපතිගේ ප්‍රකාශය හරියටම හරි.. ගෝඨා, හමුදාපතිවරුන් උසාවියට කුදලන් යෑම බරපතල වරදක් !

sb disanayake 233

නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු ,හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයාට නොදැනුවත්මව අධිකරණයට රැගෙන යෑම ජනාධිපතිවරයා අප්‍රසාදයට පත් කිරීමට සිදු කල කුමන්ත්‍රණයක් බව අමාත්‍ය එස්.බි. දිසානායක මහතා පවසයි.ඊයේ (13 ) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ජනාධිපතිතුමා කියන්නේ, සමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු උසාවියට ගෙනියනවා නම්, රාජ්‍ය නායකයා හැටියට ජනාධිපතිතුමාට, කතානායකවරයාට දැනුම් දෙන්න ඕන. ඒ මුකුත් නොකියා එක පාරටම අධිකරණයට ගෙනියනවා .මම නම් දකින්නේ ඒක හිතා මතා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අප්‍රසාදයට පත් කරන්න කරපු දෙයක්.

ඒවගේම තමයි නාවික හමුදාපතිවරු තුන්දෙනෙක් අධිකරණයට ගෙන යෑම, ඒක ඊට කලින් ජනාධිපතිතුමාව දැනුවත් කරන්න ඕන. ජනාධිපතිවරයා මෙහෙම ප්‍රකාශයක් කිරීම සාධාරණයි. ඒක කරපු නැති එක බරපතල වරදක්. ඒකෙනුත් මම දකින්නේ මේක ජනාධිපතිතුමාට විරුද්ධව යන කුමන්ත්‍රණයක් හැටියටයි.

Related posts

ඔන්ලයින් ආනයනය කරන භාණ්ඩ වලට බද්දක්

colombotoday

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව තර කෙරේ…

Admin

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනපති රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

colombotoday

වාහනවල දෝෂ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday

අධිකරණයට අපහාස කල ලංකා ඊ නිව්ස් මඩ කතෘට යලිත් නොතීසි

colombotoday

LTTE සාමාජික තිලීපන් සිහිකරන්න ගිය සිවාජලිංගම් අත්අඩංගුවට

colombotoday