Colombo Today Local News

ජනපතිට දෝෂාභියෝගයක් ! හදිසි තත්වයකට සූදානමින්.. පොලීසිය සීරුවෙන්

poloice

බස්නාහිර පාළාත භාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් පරිදි අද රාත්‍රීයේ බස්නාහිර පළාතේ සියලූ පොලිස් ස්ථානවලට සීරුවෙන් සිටින ලෙස උපදෙස් ලබාදී ඇත.

යම්කිසි හදිසි අවස්ථාවක් ඇති වුවහොත් ඊට මුහුණදීමේ අරමුණින් මෙලෙස පොලීසිය සූදානමින් තබා ඇති අතර දහවල් රාජකාරියේ නිරත වූ සියලූ නිලධාරීන් රාත්‍රී සේවා මුරය සඳහා අනිවාර්යයෙන් වාර්තා කළ යුතු බවටද දන්වා ඇත.

මේ අතර පොලිසිය අයත් නීතිය හා සාමය අමාත්‍යාංශය තමා යටතට පත් කර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එජාප මන්ත්‍රීවරුන් පිරිසක් සැලසුම් කරමින් සිටින බව වාර්තාවේ. ඒ සම්බන්ධයෙන් වහාම මැදිහත්වන්නැයි අගමැතිවරයා ගෙන් ඉල්ලා සිටීමට ද ඔවුන් බලාපොරොත්තු වේ.

ශ්‍රීලනිපය දෙකඩ කිරීමටත්, ජනාධිපතිවරයා සහ හමුදාව අතර විරසකයක් ගොඩනැගීමටත් නීතිය හා සාමය අමාත්‍යාංශය හරහා සියුම් කුමන්ත්‍රණයක් දියත්ව ඇති බවට බුද්ධි අංශ ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බවත් ඒ අනුව එම අමාත්‍යංශය වහාම ජනාධිපතිවරයා වෙත පවරා ගැනීමේ සුදානමක් පවතින බවත් වාර්තා විය.

Related posts

කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සියලු දෙනා සිය වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි

colombotoday

මුස්ලිම් පාසල් 5ක් තිබෙද්දී තවත් එකකට ඉඩම් දීලා – වැලිමඩ උණුසුම් වෙයි – ඌව මහඇමතිට විරෝධය

colombotoday

බොර තෙල් මිල පහළට

Admin

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය ගැන චීන මුදල් අමාත්‍යවරයාගෙන් සහතිකයක්

Admin

WhatsApp අලුත් වෙයි : නව විශේෂාංග 3ක්..

Admin

නාම යෝජනා භාර ගැනීම අද සිට ඇරඹේ !

colombotoday