Colombo Today Local News

“පනතට අත තියනු එපා“ මහ නාහිමියන්ගෙන් සැරට අහගෙන බුද්ධ ශාසන ඇමති ආපසු හැරෙයි

wijedasa-r2

විහාර දේවාලගම් පනතට සංශෝධන අනවශ්‍ය බවත්, 1931 දී සම්මත කරන ලද ආකාරයටම එය තැබීම සුදුසු බවත් මල්වතු පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් පවසයි.

උන් වහන්සේ මේ අදහස් පල කලේ ඊයේ දිනයේ සංශෝධිත විහාර හා දේවාලගම් පනත සම්බන්ධයෙන් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එහිමියන් දැනුවත් කිරීමට මල්වතු මහා විහාරයට ගිය අවස්ථාවේදීයි.

නව පනත් කෙටුම්පතට කිසියම් පාර්ශවයක් විරෝධය පල කරන්නේ නම් පනත පෙර පැවති ආකාරයට තැබීම වඩාත් සුදුසු යයිද උන් වහන්සේ කියා සිටියහ.

ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධිත පනත මගින් සංඝ බේධයකට මුල පිරෙන බවත්, බුද්ධ ශාසනයේ පැවැත්මට අහිතකර දෑ එහි අඩංගු බවත්, කෝට්ටේ පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානෙ ධම්මාලංකාර හිමියන් විසින් විරෝධය දක්වා තිබිණි.

Related posts

නාදුනන කල්ලියක් කිලිනොච්චියේදී හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ වම් අත් කපා දමයි

colombotoday

ඇමැති ඩිලාන් පෙරේරා රජයේ මුදල් කෝටි 14ක් කාබාසිනියා කරලා

colombotoday

මම චෛත්‍ය 1125 ක් හදනවා – සජිත් ප්‍රේමදාස කියයි

colombotoday

ඇල්පිටිය ප්‍රතිඵලය විකෘතියක්

Admin

අධිකරණයට භාර වූ නීතිඥ නුවන් බෝපගේ ඇප මත මුදා හරී

Admin

“ඒකීය රාජ්‍ය” නව ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි, දෙමළ පිටපත්වලින් හැලෙයි..!

colombotoday