තමන් දේශපාලනයෙන් සමුගන්නා බව විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පවසයි.
ඒ පිළිබඳව තමන්ට සහතික විය හැකි බවත් කවුරුන් හෝ එවැනි දෙයක් රට තුළ සිදුවේ යෑයි කියනවා නම් ඒ ඕනෑම කෙනෙකු සමග විවාදයකට තමන් සූදානම් බවත් අජිත් පී. පෙරේරා මහතා කියයි.
ජාත්‍යන්තර විනිසුරුවන් රටට පැමිණෙන බවටත්, ජාත්‍යන්තර යුද අධිකරණ පිහිටුවන බවටත් ,ව්‍යවස්ථාව ෆෙඩරල් කරන බවටත් කියමින් ඒකාබද්ධ විපක්ෂය රට තුළ නොයෙක් අර්බුද ඇති කරමින් සිටින බවත් ඒ මහතා පවසයි.