Uncategorized

මධ්‍යම සභාව මූල්‍ය අර්බූදයක.. ලක්ෂ 650ක් වැයකර 25ක් රුසියා සවාරියක.. ජනපති අවසර දුන්නාලු !

cp23

රුපියල් ලක්ෂ 650ක මහජන මුදල් වැයකර මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද (27) රුසියාවේ සංචාරයක් සදහා පිටත්ව යෑමට නියමිතය.

මෙම මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් සංචාරයෙන් ලබන ප්‍රගතිය ජනතාවගෙ පැත්තෙන් ඒ ආකාරයටම ලබනවාද යන්න පිළිබඳව සවිස්තර වාර්තාවක් සංචාරයෙන් අනතුරුව තමන්‍ට ලබාදෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට දැනුම්දී ඇත.

මෙම සංචාරය සම්බන්ධව මාධ්‍යය මගින් වාර්තා කිරීමත් සමඟ ආණ්ඩුකාරවරිය දුරකතනයෙන් තානාපති අමතමින් මන්ත්‍රීවරුන් හා නිලධාරීන් අධ්‍යයන චාරිකාවක් බව පවසමින් මෙරටින් පිටත්ව යන බැවින් ඒ පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස පවසා තිබේ.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වාචික අනුමැතිය මෙම සංචාරය සඳහා හිමිවූ බව සඳහන් කරමින් මධ්‍යම පළාත් මහඇමැති හා මන්‍ත්‍රීවරු පිරිසක් පැමිණ තම අනුමැතිය ඉල්ලා සිටි බවත් ඔවුන්ගේ ලිඛිත ප්‍රකාශය කෙරෙහි විශ්වාසය තබා තම අනුමැතිය දුන් බවත් ඒකනායක මහත්මිය කීවාය.

මධ්‍යම පළාත් සභාව දැඩි මූල්‍යය අර්බුදයක පවතින අවස්ථාවක මහජන නියෝජිතයින් මෙවැනි සංචාරයක නිරතවීම අනුමත කළ නොහැකි බවත් මෙය විධිමත් සංචාරයක් නොවන බවට සැකයක් එය සංවිධානය කෙරෙන ආකාරය අනුව පෙනීයන බවත් ඇය ප්‍රකාශ කළාය.

Related posts

ඉතිහාසයේ ප්‍රථම වරට ජනපතිවරයෙක් බලය කප්පාදු කරගන්නේ මෙන්න මෙහෙමයි

colombotoday

ප්‍රදේශ රැසක වායු දූෂණ තත්වයක්

Admin

මාතර , බෙලිඅත්ත පළමු දුම්රිය ධාවනය ලබන ඉරිදා

colombotoday

සෝභිත හිමි අවමගුළේ සහජීවන මාධ්‍ය සංදර්ශන – හිමිවරුන් කණගාටුවෙන්

colombotoday

“අපි දැන් මොනව කීවත් මිනිස්සු ගණන් ගන්නේ නෑ… දූෂණ ගැන කියන්න ගියාම අපට හිනාවෙනවා”

colombotoday

නීති විරෝධී පෝස්ටර් ඉවත්කරන්න කම්කරුවන් 1500ක් බඳවා ගැනේ

Admin