Uncategorized

හම්බන්තොට වරාය, මත්තල, ශ්‍රී ලංකන් ගන්න විදෙස් සමාගම් 19ක් එයි

හම්බන්තොට වරාය, ශ්‍රී ලංකන් ගුවන් සේවය, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ යන ආයතන තුනේ පාලනය බාර ගැනීමට විදේශීය සමාගම් 19ක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව හම්බන්තොට වරායේ පාලනය බාර ගැනීම සදහා සමාගම් 2ක්, මත්තල ගුවන්තොටුපළ සදහා සමාගම් 7ක්, ශ්‍රී ලංකන් ගුවන් සේවය සදහා සමාගම් 10ක්ද රජය වෙත යෝජනා ඉදිරිපත් කර ඇති බව පැවසේ. න් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පාලනය බාර ගැනීමට යෝජනා ඉදිරිපත් වී ඇති සමාගම් 7න් ඉසෙඩ් පී (IZP) නමැති චීන සමාගම විශේෂ ප්‍රතිචාරයක් දක්වා ඇතැයි වාර්තා වේ.

මේ අතර හම්බන්තොට වරායේ පාලනය බාර ගැනීමට එම වරාය ඉදිකල චයිනා හාබර් සමාගම හා කොළඹ දකුණ වරාය ඉදිකළ චයිනා මර්චන්ට් සමාගම ඉදිරිපත් වී ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

අපේක්ෂකයන් 8 දෙනෙකු ජනපති සටනට ඇප තියයි !

colombotoday

පාසල් සිසුන් ඇතුලත් කිරීම පිලිබද නිවේදනයක්

Admin

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් අධිකරණයට රැගෙන එයි

Admin

හොඳම ක්‍රීඩිකාව නාම යෝජනා ප්‍රකාශයට ඇතුලත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව

Admin

අශිෂ්ට ප්‍රකාශන තහනම් කිරීමට පනතක්

colombotoday

එකම WhatsApp ගිණුම දුරකථන හතරකට – WhatsApp භාවිතයේ අලුත්ම වෙනස

Admin