Colombo Today Local NewsHot News

“දමිළයනි නැගිටිව්.. සිංහල බෞද්ධයන් උතුරට එපා“ රජයේ ලිපි ශීර්ෂයෙන් විග්නේෂ්වරන් ලිපි යවයි

vig3333

එළුග තමිල් නොහොත් “නැගිටිනු දමිළයිනි“ නමින් ලබන 24 වනදා යාපනයේදී පැවැත්වීමට නියමිත මහා විරෝධතාවයට සහභාගිවන ලෙස ඉල්ලා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් රජයේ නිළ මුද්‍රාව සහිත මහඇමතිවරයාගේ ලිපි ශීර්ෂය යටතේ ලිපියක් නිකුත් කර තිබෙනවා.

උතුරු පළාතේ සිංහල ජනතාව අලුතින් පදිංචි කිරීමට විරුද්ධව හා උතුරු පළාතේ බෞද්ධයන් නොමැති ස්ථානයන්හි බුදු පිළිම ස්ථාපිත කිරීම නවතා දැමීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් වෙනුවෙන් විරුද්ධත්වය පළ කිරීමට එළැඹෙන 24 වැනිදා පැවැත්වීමට නියමිත එළුග තමිල් විරෝධතා වැඩසටහන වෙනුවෙන් සහභාගි වන ලෙසට විග්නේශ්වරන් දෙමළ ජනතාවගෙන් මෙම ඉල්ලීම කර තිබෙනවා.

උතුරු පළාත තුළ ආරක්ෂක අංශ සතු උතුරේ සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට රජයෙන් ඉල්ලීම් කිරීමට හා රජයට බල කිරීමට විරෝධතා වැඩසටහන පැවැත්වීම සිදු කරන බවද ලිපියේ සඳහන්.

වවුනියාව, බෝගස්වැව, නාමල්ගම, ඇතුලු වවුනියාව දිස්ති‍්‍රක්කයේ අලුතින් බිහිකළ සිංහල ගම්මාන, මන්නාරම හා යාපනය දිස්ත‍්‍රික්ක තුළ පිහිටුවා ඇති නව සිංහල ගම්මාන සියල්ල ඉවත් කළ යුතු බවට විරෝධතාවයේදී ඉල්ලීම් කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.

දෙමළ නැගිටීම නොහොත් එළුග තමිල් නමැති වැඩසටහන හරහා ජාතිවාදී පදනමකින් දෙමළ ජනතාව නැවත වරක් එක මතයකට ගෙන ඒමට දෙමළ දේශපාලන නියෝජිතයින් උත්සහ කරන බවයි සඳහන් වන්නේ.

14355548_694393657377566_6343303335851514112_n14355071_694393570710908_235704274227709257_nv33

Related posts

රට වෙනුවෙන් ඉදිරියට එන මහා සංඝරත්නයට මේ ආණ්ඩුව ගරහනවා – ගැටඹේ නාහිමි

colombotoday

රට්ටු කියන කතාවලට අකිලට ලැජ්ජ හිතෙයි.. ‘ලැප්ටොප් වන්නම‘ නිදහස් උත්සවයෙන් ඉවත් කෙරේ

colombotoday

රවීට, බිරියට,දියණියට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

colombotoday

මුලතිව්වට කාලගුණ විද්‍යා කාර්යාලයක්..

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ 64,779ක් අත්අඩංගුවට

colombotoday

විල්පත්තු වන සංහාරයට එරෙහි විරෝධතා ජනාධිපතිවරයා ඉලක්ක කරගත්තක්ද සැකයි – දයාසිරි ජයසේකර

colombotoday