Colombo Today Local News

“සිංහල – බෞද්ධ උතුරට එපා“ කියන “එළුඟ තමිල්“ විරෝධතාවට දෙමළ පක්ෂ රැසක් !

pongu-tamil

එළඹෙන සිකුරාදා (23) යාපනයේදී පැවැත්වීමට නියමිත “එළුග තමිල්“ විරෝධතාවට දෙමළ පක්ෂ රැසක් සහයෝගය පළකර ඇති බව පැවසෙනවා. ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසන්නේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් නායකත්වය දරන ප්ලෝට් සංවිධානය, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලන් නායකත්වය දරන දෙමළ මහජන පෙරමුණ ආදී දේශපාලන පක්ෂද ඒ සදහා සහය දක්වා ඇති බවයි.

උතුරු පාළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් නායකත්වය දරණ දෙමළ මහජන සභාව විසින් එළුග තමින් වැඩසටහන සංවිධානය කර තිබෙන අතර, උතුරු පළාත තුල සිංහල ජනතාව නැවත පදිංචි කිරීමට විරෝධය පළ කිරීම, බෞද්ධයන් නොමැති ස්ථානවල බුදුපිළිම ස්ථාපති කිරීමට විරෝධය දැක්වීම, උතුරෙන් හමුදා කදවුරු ඉවත් කිරීම එම විරෝධතාවයේ ප්‍රධාන අරමුණ බව පසුගිය සතියේ උතුරේ බෙදා හැර තිබූ අත් පත්‍රිකාවල සදහන්ව තිබුණා.

පසුගිය 2001 – 2004 වික්‍රමසිංහ රජයේ සටන් විරාමය පැවති සමයේද කොටි සංවිධානයේ මූලිකත්වයෙන්, දෙමළ ජාතික සන්ධානය ඇතුළු දමිළ පක්ෂ විසින් “පොංගු තමිල්“ නමින් ජාතිවාදී රැළි සංවිධානය කෙරුණු අතර, වත්මන් රජයේ ජාතික සංහිදියා ඇමති ධුරය දරණ මනෝ ගනේෂන්, වික්‍රමබාහු කරුණාරත්න ආදීන්ද එම රැළිවලට සහභාගි වෙමින් උතුරේ දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක් අවශ්‍ය බව ප්‍රකාශ කර තිබුණා.

Related posts

විධායකය අහෝසි කරන 20වැනි සංශෝධනය මැයි මස මුල පාර්ලිමේන්තුවට

colombotoday

ජොන්ස්ටන්ගේ නඩුව විත්තියේ විරෝධය නොතකා අහයි

Admin

සහරාන් ඇතුළු ත්‍රස්තයන් ප්‍රහාරයට පෙර තවත් 38ක් සමග අවසන් පුහුණුව කරපු කදවුරක් නුවරඑළියෙන් සොයාගනී…

colombotoday

බදූර්දීන්ට එරෙහිව රතන හිමි ගේන විශ්වාසභංගයට අපේ සහය නෑ – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

හොරණ තිබ්බොටුගොඩ බැංකුවක් කඩයි

colombotoday

කොළඹ හිවල් සමාජය වෛශ්‍යාවන් කුලප්පු කිරීම පිළිබද කියවීමක් !

colombotoday