Colombo Today Local News

මේජර් ජෙනරාල්ලා ලියන්නෙ ළමා කතා – ඊට වඩා ITN එකේ “SEX” කතා හොදයි – පෙරටුගාමින්

dpthi232bb

මේජර් ජෙනරාල්ලා ලියන පොත් ගැළපෙන්නේ ළමා මනසක් ඇති අයට බවත්, ස්වාධීන රූපවාහිනියෙන් පෙන්වීමට යන “වැඩිහිටියන්ට පමණයි“ ටෙලි නාට්‍ය බලාවත් වැඩිහිටියන් වන ලෙසත් පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පවසයි.

53 හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ලියූ “රණ මග ඔස්සේ නන්දිකඩාල්“ කෘතියට උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් පවතිද්දී, වැඩිහිටියන්ට සුදුසු වැඩසටහන් විකාශය කිරීමට ස්වාධීන රූපවාහිනිය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනය සම්බන්ධයෙන් වෙබ් අඩවියකට අදහස් දක්වමිනුයි ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ.

“දැන් මෙතන තියන ප්‍රධාන ප්‍රශ්නය තමයි වැඩිහිටියන්ට පමණයි කිව්වම බහුතරයකට මතක් වෙන්නේ සෙක්ස් කියන එක. ලිංගික ජීවිතය විතරයි කියන එක. මේ අය ළමයි, ඔවුන්ට තියෙන්නේ ළමා මනසක්. ඔවුන්ගේ දර්ශනය ළමා, සාහිත්‍ය ළමා, ජීවිතය ළමා, විශ්වවිද්යාල අචාර්යවරු ළමා, මේජර් ජෙනරාප්වරු ලියන්නෙත් ළමා කතා. මේ අයගේ ජාකිතක්වය ළමා, දේශපාලනය ළමා, මේක විමල් විරවංශගේ දේශපාලනේ, මේ අය සෙක්ස් කිව්වාම හිතනතවා මහ භායනක දෙයක් වගේ”

මන් කියන්නේ කිසි දෙකට බය වෙන්න එපා. මේ අලුත් දේවල් බලන්න. වැඩිහිටියෝ වෙන්න. ‘යනුවෙන් ඔහු පවසයි.

මීට ඉහතදී පෙරටුගාමී පක්ෂය ශ්‍රී ලංකාවේ “ගණිකා වෘතිය” නීතිගත කරන ලෙස සහ “ගණිකාවන්ගේ අයිතීන්” වෙනුවෙන් ප්‍රසිද්දියේ පෙනීසිටිනු දක්නට ලැබුණු අතර ඔවුන් ජාතිකත්වය සහ සංස්කෘතිය දැඩිව ප්‍රතික්ෂේප කරන්නන් පිරිසක් වේ. වත්මන් යහපාලන රජය ගෙන ඒම සදහාද දීප්ති ගුණරත්න ඇතුළු පිරිස පෙරටුගාමී කාර්යභාරයක් ඉටුකළ අතර අදද ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටී.

ITN රූපවාහිනිය පෙන්වීමට සුදානම් වන “Homeland” කතා මාලාව වෙනුවෙන් මේ වනවිට LTTE ත්‍රස්ත හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සහ පෙරටුගාමීන් පක්ෂව අදහස් දක්වා ඇති අතර එයට විරුද්ධවූ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතාට විකල්ප වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රහාරයක් එල්ලකරමින් සිටිනවා.

Related posts

ශ්‍රී ලාංකික විද්‍යාඥයින් පිරිසක් අලුත් සෞරග්‍රහ මණ්ඩලයක් සොයා ගනී…

colombotoday

“ජන මතයට බිය නැත්තම්, පළාත් පාලන මැතිවරණය තියල පෙන්වන්න” – විමල්

colombotoday

සිරකරුවන් සතුව තිබූ ජංගම දුරකතන 800 ක් අත්අඩංගුවට

colombotoday

හෙට සිට මැතිවරණ නීතිය ක්‍රියාත්මකයි – සම්පුර්ණ බලය මැතිවරණ කොමිසමට

colombotoday

පුත්තමේ පුපුරා ගියේ ක්ලේමෝ බෝම්බයක් දැයි සැකයක්

colombotoday

යතුරු පැදි 40 ක් සංඛ්‍යාවක් සොරා ගත් හැත්තෑ නව හැවරිදි සැකකරුවකු අත් අඩංගුවට.

colombotoday