Colombo Today Local News

සිසුන් 27,603කට මෙවර සරසවි වරම්.. කඩයිම් ලකුණු මෙන්න

2015 / 2016 අධ්‍යයන වර්ෂ සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ කඩඉම් ලකුණු මේවන විට නිකුත් කර තිබේ. එම කඩඉම් ලකුණු www.ugc.ac.lk හා www.selection.ugc.ac.lk  වෙබ් අඩවි මගින් ලබාගත හැකි බව වි‍ශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

අද එම කොමිසමේ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරිණ.

මෙවර කඩඉම් ලකුණු අනූව සිසුන් 27,603ක් බඳවා ගැනීමට නියමිතය. පසුගිය වසරේදී එම සංඛ්‍යාව 26,541ක් වන අතර එය සියයට 10ක වැඩිවීමකි.

පහත දැක්වෙන්නේ පසුගිය වසරේදී එක් එක් විෂය ධාරාවලට අදාළව බඳවාගැනීමට යෝජනා කළ සිසුන් සංඛ්‍යාව වන අතර එය මෙවර සියයට 10කින් වැඩි කර ඇත.

කලා – 7674 / වාණිජ – 5350 / ජෛව විද්‍යාව – 6170 / භෞතික විද්‍යාව – 5299 / ඉංජිනේරු තාක්ෂණය – 11,200 / ජෛව පද්ධති – 714 / වෙනත් – 205

ඉහත එක් එක් විෂය ධාරාවන්ට අදාළව බඳවා ගැනීමට යෝජනා කර තිබූ සම්පූර්ණ සංඛ්‍යාව 26,541ක් වන අතර එය මෙවර 27,603 දක්වා වැඩි කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

 

Related posts

ETI සහ ද ෆිනෑන්ස් ආයතන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනපතිගෙන් මහ බැංකු නිලධාරීන්ට උපදෙස්

colombotoday

රවී සැගවුණු තැන ගැන මහින්දගෙන් ඔත්තුවක් !

colombotoday

ජනපති ධුරය සඳහා නාමයෝජනා භාර දීම අද

colombotoday

ජනාධිපතිවරණය මෙම වසේරේ පැවැත්වෙනවාදැයි ස්ථිර නෑ

colombotoday

අසාධාරණ බදු වහා හකුලා ගනු – පාරිභෝගිකයින් සුරැකීමේ සංවිධානය

colombotoday

‘ගල්ලෙන බිදලා, ලෙන් දොර හැරලා‘ චම්පික, රතන හිමි මහින්ද පිළට ?

colombotoday