Colombo Today Local News

සාවද්‍ය “ඊළාම් නිජබිම” සංකල්පයේ පදනම ආචාර්ය සූරිය ගුණසේකරයන් බිද දමයි.. ඊනියා ඊළාම් මතධාරීන්ට අභියෝගයක් !

ආචාර්ය සුරිය ගුණසේකර හා රුවන් රත්නායක විසින් රචිත “උතුරු නැගෙනහිර නිජබිම් මිත්‍යාව බෙදුම්වාදයට අභියෝගයයි!” කෘතිය එළිදැක්වීම පසුගියදා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

“සාවද්‍ය ඉතිහාසය මත ගොඩ නැගූ නිජබිම් සංකල්පයේ පදනම බිඳ දැමීමට මෙතෙක් ඉදිරිපත් නොවූ මුලාශ්‍ර සමග කරනා සංශිප්ත විග්‍රහය ආචාර්ය සූරිය ගුණසේකර හා රුවන් රත්නායක මෙසේ දක්වයි ”

මෙම කෘතිය තුලින් “උතුරු නැගෙනහිර තමිල් නිජබිම්” යනු සාවධ්‍ය ඉතිහාසයක් මත ගොඩ නැගු මිත්‍යාවක් බව ඔප්පු කොට පෙන්වයි. 1815 තෙක් මෙරටේ සිංහලයා හැර කිසිදු අන්‍ය ජාතිකයකු නොවූ බවත් ,කදුකරයේ මෙන්ම උතුරු නැගනහිර ප්‍රදේශවල හා දෙමළ හා මුස්ලිම් ජනාවාස ඇති වන්නේ 1870 දසකයෙන් පසුව බවත් මුලාශ්‍ර මගින් ඔප්පුකොට පෙන්වා දෙයි. එසේම මෙරටේ සිටිනා සියලුම දෙමල බස කතාකරන ජනයා එනම් මුස්ලිම් හා දෙමල යන කොටස් දෙකම ඉංග්‍රීසින් විසින් ගෙනවිත් පදිංචි කරවන ලද ජනයා බව ඔප්පු කොට පේනවා දේ. ඉතාම ප්‍රබල වූ සත්‍ය මුලාශ්‍ර මගින් “උතුරු නැගෙනහිර නිජබිම් “ සංකල්පයේ පදනම සම්පුර්ණයෙන්ම බිඳ දමමින් මෙරටේ වෙසෙන තමිල් බස කතා කරන ජනයාගේ (තමිල් හා මුස්ලිම්) ඉතිහාසය වසර 150-175 පමණ බව සාක්ෂි සහිතව ඔප්පු කොට පෙන්වා දේ. මෙම දිවයිනට සිංහලයාගේ ඇති පරම අයිතිය තහවුරු කිරීමට බටහිර ආක්‍රමණ වලට පෙර ඓයිහාසික යුගයේ ලිකිත හා පුරාවිධ්‍යත්මක් සාක්ෂි, පෘතිගීසි මුහුදුබඩ පාලන සමයේ සාක්ෂි, ලන්දේසි මුහුදුබඩ පාලන සමයේ ශාක්ෂි, ඉංග්‍රීසින්ගේ පාලන සමයේ ශාක්ෂි ආදී ලිකිත මුලාශ්‍ර සාධක මගින් ඔප්පු කොට පෙන්වයි. විවිධ කුමන්ත්‍රණ මගින් යටපත් කෙරු සිංහලයාගේ මෙරටේ ඔප්පුව පිරිසිදු කොට මෙමගින් ඉදිරිපත් කොට ඇත. එසේම “උතුරු නැගෙනහිර තමිල් නිජබිම්” අයිතියක් වේ නම් එම අයිතිය මුසාවෙන් තොර සත්‍ය මුලාශ්‍ර කරුණු ගෙනහැර පා ඔප්පු කොට තම අයිතිය තහවුරු කරන ලෙස විපක්ෂ නායක ආර්. සම්බන්දන් , උතුරු පළාත් මහා ඇමති සි. විග්නේශ්වරන් ඇතුලත් උතුරු පළාත් මංත්‍රිවරුන්ගෙන් සහ , නිජබිම් සංකල්පය , ෆෙඩරල්, ස්වයං නීරණ අයිතිය, බලය බෙදීම , බලය විමධ්‍යගත කිරීම, වෙනම පරිපාලන දිස්ත්‍රික්ක හෝ ඒකක වෙනුවෙන් පෙනී සිටිනා සියලු දෙනා හට ඒ අරඹයා අප කෘතිය තුලින් අභියෝග කරන අතර අප කෘතිය තුලින් අසනා ප්‍රශ්න 13කට සෘජු පිළිතුරු ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙමු.

fgte1232

Related posts

මෙරටින් පැහැරගෙන ගිය පුරා වස්තු යළි දෙන්නැයි බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

colombotoday

හෙරොයින් හා හමුදා නිල ඇඳුම් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

තහනම ඉවත් වෙයි… හරින්-මනුෂ එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Admin

පසුගිය වසර කිහිපයේ දී පොලිස් භාරයේ සිටි 15ක් මරා දාලා

Admin

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපතිට බලයක් නෑ – රටම බලා සිටි අධිකරණ  තීන්දුව මෙන්න

colombotoday