Colombo Today Local News

විග්නේෂ්වරන්ගේ ‘මෝඩ චූන්’ ආණ්‌ඩුවට ‘වොයිස්‌ කට්‌’ විතරයි – රන්ජන්

ranjanඋතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතාට අවැසි ලෙස ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා රජය කිසිවිටෙක සූදානම් නැතැයි සමාජ සවිබල ගැන්වීම් සහ සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ඉරණමඩු බුද්ධ ප්‍රතිමාව ඉදිරිකිරීම වහා නතර කරන්නැයි ඉල්ලා උතුරු පළාත් සභාව ඉකුත් දා ඒකච්ඡන්දයෙන් සම්මත කර ගත් යෝජනාව පිළිබඳව අදහස්‌ දක්‌වමින් ඔහු මේ බව කීවේය. නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේද පැවසීය.

“ඉරණමඩු කියන්නේ ද්‍රවිඩ ජනතාවගේම පළාතක්‌ කියලා සිතන එකත් ඔවුන්ගේ මෝඩ කමක්‌. පළාත් සභාවේදී යෝජනා සම්මත කළාට ඒවා එහෙම ක්‍රියාත්මක කරන්න බලයක්‌ ඔවුන්ට දීලා නැහැ. මහ ඇමැති විග්නේෂ්වරන්ට ඕනෑ විදිහට නටන්න දීලා අපි රජයක්‌ හැටියට බකන්නිලාගෙන ඉන්නේ නැහැ. මීට ප්‍රථමත් උතුරු පළාත් සභාවේ අය ප්‍රභාකරන්ගේ පිළිරූ හදන්න උත්සාහ කළා. ඒත් ඒවා උතුරේ ජනතාව අතර ජනප්‍රිය වෙන්න දඟලපු දැඟලිලි පමණක්‌ම වුණා යෑයිද රාමනායක මහතා කියා සිටියේය.

හමුදාව ඉරණමඩුවල බුද්ධ ප්‍රතිමාව හදන්නේ රජයේ ඉඩමක. ඉඩම් හා පොලිස්‌ බලතල තියෙන්නේ අපේ රජය යටතේ. මේක සියයට හැත්තෑවක්‌ බෞද්ධයන් ජීවත්වන රටක්‌. උතුරු පළාත් සභාවේ උදවිය ‘මෝඩ චූන්’ දාලා එහේ ජනතාව රැවටුවට මහ ආණ්‌ඩුවට මේවා ‘වොයිස්‌ කට්‌’ විතරයි.

– දිවයින

Related posts

පියාණන් වතුකම්කරුවන් ලක්ෂ 12කට මෙරට පුරවැසිභාවය දුන්නා… මම වතු කම්කරු පඩිය 1500ක් කර දෙනවා !

colombotoday

සපුගස්කන්දේ වැඩ ඇරඹීම කල්යයි

colombotoday

හිටපු කොමිසමේ ලොක්කි ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කරන ලෙස අගමැති ජනපතිගෙන් ඉල්ලලා

colombotoday

අලුත් අවුරුද්දට දෙන සතොස සහන මල්ලේ බඩු ලැයිස්තුව මෙන්න

colombotoday

මියන්මාරයේ දී පූජ්‍ය විරතු හිමි හා පුජ්‍ය ඤාණසාර හිමි අතර හමුවක්

colombotoday

කෝටියක කහ කල්පිටිය උසාවි භූමියේ දී ගිනි තියයි

colombotoday