Colombo Today Local News

සිංහලේට එරෙහිව එකම ලේ වීදිබසී.. මුස්ලිම් අයිතීන් සහ සමලිංගික අයිතීනුත් ඉල්ලයි

eka lee522

අපි ඔක්කොම එකම ලේ යන තේමාව යටතේ අද සවස කොළඹ බෞද්ධාලෝක මාවතේ රූපවාහිනී සංස්ථාව ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වීමට සූදානම් වන බව වාර්තා වනවා.

මෙය සංවිධානය කර ඇත්තේ විවිධයි ඒත් සමානයි නමින් හැදින්වෙන සංවිධානයක් විසින්. මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවන අන්තවාදී ක්‍රියාවන්ට සහ, සමලිංගික නිදහසට එරෙහිව සිදුවන ක්‍රියාකාරම්වලට වි‍රෝධය දක්වමින් සමානාත්මතාවය තහවුරු කරන ලෙස බලකරමින් මෙම විරෝධතාව පවත්වන බවයි ඔවුන් සදහන් කරන්නේ.

මෙම සංවිධානය සදහා රාජ්‍ය නොවන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් සහය දක්වන අතර, මාළිගාවත්තේ සිට ක්‍රියාත්මක වන ඉස්ලාමීය රාජ්‍ය නොවන සංවිධානයකද අනුග්‍රහය ලැබී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ පිළිබදව අදහස් දක්වමින් සිංහලේ ජාතික බලමුළුවපැවසුවේ, මුස්ලිම් අන්තවාදය, බෙදුවාදය එළි පිට ක්‍රියාත්මක වෙමින් තිබියදී, ඒවා පිළිබද කටක් නාරීන මොවුන්, අන්තවාදය සාධාරණිකරණය කරමින් අන්තවාදය වෙනුවෙන් මෙලෙස පෙනී සිටීම නිර්ලැජ්ජිත කරුණක් බවයි. දෙකෙන් එකක් බලාගැනීමට තමන්ද එම ස්ථානයට යන බවද එම සංවිධාන ක්‍රියාකාරීන් අවධාරණය කළා.

Related posts

මහ බැංකුවට කායවර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීමට ඉල්ලුම් පත් කැඳවීම් නවතයි

colombotoday

හතේ අපේ පොත ගැන අවසන් තීරණය අද !

colombotoday

කෙරවලපිටිය LNG බලාගාරයේ ඉදිකිරීම් ලබන සතියේ

colombotoday

කොළඹ – මහනුවර අධිවේගීයේ කොටසක් 28 වනදා ජනතා අයිතියට

colombotoday

හෙරොයින් ග්‍රෑම් 210 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

colombotoday

දූෂණ විරෝධී පනත සංශෝධන සහිතව සම්මත වෙයි

Admin