ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීම් පිළිබඳ උපදේශක තනතුරට ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ පත් කර තිබේ.
ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා විසින් අද (12) ක්‍රීඩා අමාත්‍යංශයේදී ඔලිම්පික් ජයසිංහ මහත්මියට පත්වීම ප්රදානය කර ඇත.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම් සෝමරත්න විදානපතිරණ සහ සහකාර ලේකම් එම්. එම්. විජයසේන යන මහත්වරුන් සහභාගී විය.