පුද්ගලික සමාගමක් විසින් පුද්ගලික බැංකුවක තැන්පත් කර තිබූ රුපියල් මිලියන 157.5ක මුදලක් රාජ සන්තක කරමින් එය මහ බැංගුවට පැවැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ අද (10දා) නියෝග කළේය.
CSN නාළිකාව පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් කරනු ලබන විමර්ශන වලදී මෙම මුදල් සොයාගත් අතර අදාළ සමාගමෙන් මේ පිළිබඳව විමසූ විට ඔවුන් පවසා ඇත්තේ එම මුදල් තමන්ට අයිති නැති බවත් එය රාජ සන්තක කිරීමට එරෙහි නොවන බවත්ය.