Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රීලාට කාර් ගන්න කෝටියක සහන ණයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෝටර් රථ ලබා ගැනීම සදහා රුපියල් ලක්ෂ 100ක උපරිමයකට යටත්ව ණයක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් රාජ්‍ය බැංකුවලට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මෙම ණය ඉතා සහනදායී පොලී මත නිකුත් කරන ලෙස මුදල් ඇමතිවරයා දන්වා ඇති අතර, අදාළ සහනදායී පොළී ප්‍රතිශතය කොපමණදැයි මුදල් අමාත්‍යාංශය දන්වා නොමැති බවද පැවසේ.

එම තත්ත්වය හේතුවෙන් රාජ්‍ය බැංකු එම ණය නිකුත් කරනු ලබන පොලී අනුපාතය මුදල් අමාත්‍යංශයෙන් නියම කරණ ලෙස ඉල්ලීමක් කිරීමට සූදානම් වන බවද පැවසේ.

කෙසේවෙතත්, මන්ත්‍රීලා අදාළ ණය මුදල ඉල්ලා සිටින්නේ 4%ක පොලියට බවද පැවසේ.

Related posts

පිටකොටුවේ අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක මිල පහළට

colombotoday

වීරකැටියේදී පොලිස් නිලධාරීන්ට පහර දුන් පුද්ගලයින් 6ක් අත්අඩංගුවේ

Admin

ගෝඨාට ඡන්දය දෙන්න විදේශගත ශ්‍රී ලාංකිකයන් දෙලක්ෂයක් මව් බිමට !

colombotoday

ඩොලර් ගෙවා යාල බලන්න අවස්ථාව

Admin

“මාතලේදී බාලවයස්කාර සිංහල දැරියක් ගෙනගොස් විවාහකරගෙන“ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

colombotoday

එළිමහන් සංගීත ප්‍රසංගවල ශබ්ද විකාශන බලපත්‍ර ලබාදීමට පොලිස්පතිගෙන් උපදෙස්

colombotoday